14.3 C
New York
Friday, April 18, 2025
HomeSri Lanka NewsLPL තරගාවලියේ දක්ෂයින්ට ජාතික කණ්ඩායමේ දොරටු විවර වෙයි…

LPL තරගාවලියේ දක්ෂයින්ට ජාතික කණ්ඩායමේ දොරටු විවර වෙයි…

-

නිමාවට පත් වු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් කිහිප දෙකෙුම ජනවාරි 03 වැනිදා ඉන්දියාව සමග ආරම්භ වීමට එක්දින ක්‍රිකට් සහ විස්සයි-20 තරගාවලියට සහභාගිවීමට අවස්ථාව උදාවී තිබෙනවා.

ඒ අනුව අවිශ්ක ප්‍රනාන්දු සහ සදීර සමරවික්‍රම ජාතික කණ්ඩායමේ දොරටු විවර කර ගැනීමට සමත්ව සිටින ක්‍රීඩකයන් වනවා.

එක්දින සහ විස්සයි-20 තරග අංශ සඳහා නම් කරන ලද 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට උප නායකත්වය සඳහා ක්‍රීඩකයින් දෙදෙනකු පත් කිරීමද කැපී පෙනෙන කරුණක්.

මෙහිදී විස්සයි-20 තරග අංශයේ උප නායකයා ලෙස පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන් අතර ලෝකයේ අංක එක ස්ථානයට පත්ව සිටින සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගද එක්දින තරඟ සඳහා කඩුලු රකින දකුණත් පිතිකරු කුසල් මෙන්ඩිස් පත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

2021 වසරේ ජූනි මාසයේ පැවති එංගලන්ත සංචාරයේ දී ජෛව ආරක්ෂක බුබුල කඩ කිරීමට වරදකරුවන් වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය සහ කණ්ඩායමේ ස්ථානය ද අහිම වූ මෙන්ඩිස් යළි උප නායක ධූරයට පත් පළමු අවස්ථාව මෙයයි.

මේ අතර කණ්ඩායමට පැමිණ සිටින සධීර සමරවික්‍රම 2021 වසරේ ශිකර් ධවාන් ගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලද ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් පසුව නැවත ජාතික කණ්ඩායමට කැඳවන ලද පළමු අවස්ථාව ද මෙය වනවා.

ගෙවී ගිය වසර එකහමාරක පමණ කාලය ඇතුළත සදීර ශ්‍රී ලංකා ‘ඒ’, නැෂනල් සුපර් ලීග් මෙන්ම දේශීය ක්‍රීඩා සමාජ තරගාවලියන්හිදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්වූ පිතිකරුවෙක්.

සධීර සහ අවිශ්කට අමතරව ශ්‍රී ලංකා සංචිතයට කැඳවනු ලැබූ ඇති නුවනිඳු ප්‍රනාන්දුද මෙම අවස්ථාව උරුම කර ගැනීමට ප්‍රධාන හේතුවවී ඇත්තේ නිමාවට පත් වුණු එල්පීඑල් තරගාවලියේදී දක්වන ලද දක්ෂතායි.

තරග 10 ක් තුළදී ලකුණු 339ක් ලබා ගත් අවිශ්ක එල්.පී.එල්. තරගාවලියේ දක්ෂතම පිතිකරුවා සම්මානයට පාත්‍ර වූ අතර එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් සදීර ලකුණු 294 ක් රැස් කරමින් තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන ලබා ගත්තා.

ඔවුන් දෙපළට අමතරව තරග 9කට ක්‍රීඩා කළ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 211ක් ලබා ගනිමින් දස්කම් දැක්වුවා.

කෙසේ වෙතත් නුවනිදු ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩසේ සංචාරය සඳහා එක් කරගෙන ඇත්තේ එක්දින ජාත්‍යන්තර තරග සඳහා පමණයි.

පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමේ උප නායකත්වය සඳහා පත් කරනු ලැබූ වනිඳු හසරංග LPL තරඟාවලියේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් නායකත්වයේ දස්කම් පෙන්වූ අතර ඔහු සිය කණ්ඩායම අවසන් කණ්ඩායම් හතර අතර තරගාවලිය දක්වා මෙහෙයවීමට සමත් වුණා.

මූලික වටයේ තරග 8න් තරග 6ක ජයග්‍රහණ තම කණ්ඩායමට හිමිකර දීමට වනිඳු ගේ නායකත්ව දස්කම් හේතු වූ අතර එක්දින කණ්ඩායමේ උප නායකත්වය සඳහා පත්කළ කුසල් මෙන්ඩිස් ද එම තරගාවලියේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා.

අවසන් කණ්ඩායම් හතර දක්වා තම කණ්ඩායම රැගෙන ඒම ට කුසල් මෙන්ඩිස් සමත්වූ අතර ලකුණු 256 ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර හය වන ස්ථානයට පත් වීමට ද ඔහු සමත් වුණා.

LPL තරගාවලියේ පන්දුවෙන් දස්කම් දැක්වූ නුවන් තුෂාර ද T 20 සංචිතයට පමණක් කැඳවා ඇති අතර වමත් පිතිකරු භානුක රාජපක්ෂද T 20 තරඟ සඳහා පමණක් යොදා ගැනීමට තීරණය කර තිබෙනවා.

සුපුරුදු පරිදි එම තරග සංචාරයේ පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ සහ විස්සයි විස්ස තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දසුන් ශානක වෙත පවරා ඇති අතර විනය නීති උල්ලංඝනය කිරීම මත අත් හිටවූ තරඟ තහනමක් තරග තහනමක් පනවා ඇති චාමික කරුණාරත්න ද සංචාරය සඳහා එක් කර තිබෙනවා.

භානුක රාජපක්ෂ සහ නුවන් තුෂාරව එක් කර ඇත්තේ විස්සයි-20 තරග අංශය සඳහා පමණයි.

මේ අතර අවසන් වරට ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටි, ධනංජය ලක්ෂාන්, අසිත ප්‍රනාන්දු සහ දිනේෂ් චන්දිමාල්ට මෙම තරගාවලියේදී සිය ස්ථාන අහිමිව තිබෙනවා.

නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ද ලැබී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේ.

එක්දින කන්ඩායම – දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිදු හසරංග, අෂේන් බණ්ඩාර, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි, චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මදුශංක, කසුන් රජිත, නුවනිඳු ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මදුශාන්, ළහිරු කුමාර.

විස්සයි-20 කණ්ඩායම – දසුන් ශානක (නායක), වනිඳු හසරංග (උප නායක), අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, අෂේන් බණ්ඩාර, මහීෂ් තීක්ෂණ, චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මදුශංක, කසුන් රජිත දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මදශාන්, ළහිරු කුමාර, නුවන් තුෂාර.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
27 ° C
27 °
27 °
82 %
3.3kmh
99 %
Fri
30 °
Sat
30 °
Sun
29 °
Mon
29 °
Tue
29 °

Must Read

SPORT