මානවරූපී රොබෝවරුන් එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරගය අද පැවැත්විණි.
ඒ චීනයේ බීජිං නුවර දී.
මිනිස් ධාවකයින් සමග මෙම තරගයට රොබෝවරු 21 ක් තරගවැඳී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම අර්ධ මැරතන් ධාවන තරගය මානවරූපී රොබෝවරුන්ගේ විශ්වසනීයත්වය, කල්පැවැත්ම සහ ආරක්ෂාව වැනි පුළුල් හැකියා සඳහා සිදුකළ පරීක්ෂණයක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.