ලබන මාසයේ සිට QR ක්‍රමය ඉවත්කිරීමක් සිදුනොවන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත්,ඉන්ධන අර්බුදය පාලනය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවූ QR ක්‍රමය පූර්ණ ඉන්ධන අවශ්‍යතාවය සපුරාගැනීමට හැකිවන තාක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.