ටැන්සානියානු මඟී ගුවන් යානයක් බුකෝබා නගරයට යාබද වික්ටෝරියා විලට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගුවන් යානයේ කොපමණ මඟී පිරිසක් සිටියේ ද යන්න මෙතෙක් වාර්තා වී නොමැති අතර 15 දෙනෙකු පමණ බේරා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ටැන්සානියාවේ ප්රිසිෂියන් එයාර් ගුවන් සමාගමට අයත් මෙම ගුවන් යානය ඒස් සලාම් සිට බුකෝබා දක්වා ගමන් කරමින් සිටින අතරවාරයේදී මෙම අනතුරට ලක්ව තිබුණා.
ගුවන් යානය එම අවස්ථාවේදී කුණාටුවකට සහ අධික වාර්ෂාවකට හසු වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.