14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsශ්‍රී ලංකාවට සුපිරි ජයක්…

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්…

-

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමඟ අද පැවති තරගයෙන් සුපිරි ජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (01) සමත් වුණා.

ඇෆ්ගනිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තේ කඩුලු 06කින්.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නැංගුරම වූ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 66ක් රැස්කළා.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 144ක් රැස් කළා.

එහිදී ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ආරම්භක පිතිකරු රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 28ක් සහ උස්මාන් ගානි ලකුණු 27ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග ලකුණු 13කට ප්‍රතිවාදීන්ගේ කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වූ අතර, ලහිරු කුමාර සිය පන්දුවාර 04 තුළ ලකුණු 30ක් ලබාදී කඩුලු 02ක් බිඳ දැමුවා.

ලකුණු 145ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 12කට සීමා වුණා.

පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක පිටියෙන් ඉවත්වීමෙන් පසු පිටියට පිවිසි ධනංජය ද සිල්වා පිටියේ ස්ථාවර වෙමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට මාවත සකසා දුන්නා.

ඒ අනුව පන්දුවාර 18යි පන්දු 03කදී කඩුලු 04ක් පමණක් දැවී ශ්‍රී ලංකාව ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

තරගයේ වීරයා ලෙස වනිඳු හසරංග සම්මාන හිමිකර ගත්තා.

මෙම ජයත් සමඟ ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය දක්වා ශ්‍රී ලංකාව ඉහළට පැමිණියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
clear sky
30 ° C
30 °
30 °
75 %
3.9kmh
6 %
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
30 °

Must Read

SPORT