14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsවතුකරයම පෙරළේ. දිබම්බරන්, ජීවන්, සජිත් එක වේදිකාවේ...

වතුකරයම පෙරළේ. දිබම්බරන්, ජීවන්, සජිත් එක වේදිකාවේ…

-

වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනිම සදහා දමිල ප්‍රගිතිශිලි සන්ධානය සමග එක්ව කටයුතු කිරිමට ලංකා කම්කරු කොන්ග්‍රසය එකගතාවයකට පැමිණ ඇතත් , ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණ වලදි වෙන් වෙන් වශයෙන් තරග කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.
ජිවන් තොණ්ඩමන් ඒ බැව් කියා සිටියේ (30) දින දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ ප්‍රධාන කාර්යාලය හැටන් දික්ඔය ඇන්ෆිල්ඩ් වතුයායේ විවෘත කිරිමේ අවස්තාවට සහභාගි විමෙන් අනතුරුව පැවති ජන හමුවකදිය. මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ අද මෙතෙන ඉන්න ගොඩ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තියෙනවා මම ඇයි මෙම උත්සවයට සහභාගි වුණේ කියලා ?

මට මෙම උත්සවයට සහභාගි වෙන්පන කියලා දමිල ප්‍රගිතිශිලි සන්ධානයෙන් ආරාධනාවක් ලැබුණා , එම ආරාධනාව අනුව මම මෙම උත්සවයට ආවා.

අපි වෘත්තිය සමිති විදිහට වෙන් වෙන්ව කටයුතු කරලා වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගන්න බැරි තත්ත්වයක් උද්ගත් වෙලා තියෙනවා ඒ නිසා දමිල ප්‍රගිතිශිලි සන්ධානයත් , ලංකා කම්කරු කොන්ග්‍රසයක් දිර්ඝ වශයෙන් සාකච්ඡා කරලා එකගතාවයකට ආවා වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනා ගැනිමට එකට එකතු වෙලා කටයුතු කරන්න.

අපි මැතිවරණ වලදි වෙන් වෙන්ව තමයි කටයුතු කරන්නේ , මගේ පියා මියගියාට පස්සේ මට පාර්ලිමේන්තුවේදි සහ දේශපාලන කටයුතු වලදි දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ නායක කොළඹ දිස්ත්‍රික් පා.ම මනෝ ගනේෂන් මහතා පියෙක් වගේ පිටුපසින් හිදගෙන මට උපදෙස් දුන්නා.

ඒ වගේම තමයි පලනි දිගම්බරම් මහතා මට අයියා කෙනෙක් වගේ එයත් මට උපදෙස් දෙනවා.

අපි සියළු දෙනා ශක්තිමත්ව කටයුතු කලොත් අපට ගොඩක් දේවල් දිනා ගන්න පුළුවන්.

දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරිමේ අවස්තාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ජිවන් තොණ්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ නායකයින් පැමිණිමත් සමග දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ නායකයින් සහ එම රැස්විමට සහභාගි වි සිටි දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ ආධාරකරුවන් ජිවන් තොණ්ඩමන් මහතා උණුසුම් අයුරින් පිලිගනු ලැබුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
31 ° C
31 °
31 °
74 %
4kmh
100 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT