14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsකුසල් මෙන්ඩිස්ගේ සුපිරි ඉනිම...

කුසල් මෙන්ඩිස්ගේ සුපිරි ඉනිම…

-

නෙදර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වෙන 20/20 ලෝක කුසලාන පළමුවටයේ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 162ක් රැස් කළේය.

ගීලොන්ග් හි පැවැත්වෙන එම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දු පහරදීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා ඉනිම ඉහළට ඔසවා තබමින් අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 79ක් රැස්කළ අතර ඔහුගේ ඉනිම සඳහා 6 පහර 5ක් සහ හතරේ පහර 5ක් ඇතුළත්විය.

චරිත් අසලංක පන්දු 30කට මුහුණ දෙමින් ලකුණු 31ක් රැස්කළ අතර භානුක රාජපක්ෂ ලකුණු 19ක් රැස්කළේය.

ඒ අනුව, තරගය ජයගැනීම සඳහා නෙදර්ලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 163කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
76 %
3.1kmh
79 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT