ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යුරියා පොහොර ලබා දීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සැකසීමට ඉරානය එකඟතාව පළ කර තිබෙනවා.
ඒ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති හෂෙම් අෂ්ජසාදේ සහ විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර අතර සිදුවූ සාකච්ඡාවකදීයි.එහිදී රජයකින් රජයකට ලබා දෙන ක්‍රමයට යුරියා පොහොර ලබා දීම සඳහා ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා බව ඉරාන තානාපතිවරයා පැවසූ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.