14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsසජබ මන්ත්‍රීවරුන් 20ක් තීරණයක් ගනියි : ගයන්ත, මනුෂ සහ ඒරාන් ඒ අතර...

සජබ මන්ත්‍රීවරුන් 20ක් තීරණයක් ගනියි : ගයන්ත, මනුෂ සහ ඒරාන් ඒ අතර…

-

සජබ මන්ත්‍රීවරුන් 20ක් තීරණයක් ගනියි : ගයන්ත, මනුෂ සහ ඒරාන් ඒ අතර…

පවතින ආර්ථික අර්බුදයට විසදුම් ලබාදිය හැකි ඕනෑම කෙනෙකු අග්‍රාමාත්‍ය ධුරය සදහා පත් කිරීමට සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර තිබෙනවා. එලෙස තීරණය කර ඇති සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ගණන 20 ක් බවයි වාර්තා වුණේ. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, හරීන් ප්‍රනාන්දු, එරාන් වික්‍රමරත්න සහ මනූෂ නානායක්කාර ද අයත් බවයි එම පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කළේ.

එම මන්ත්‍රීවරුන් ඊයේ රාත්‍රි කොළඹදී රැස්වී ඒ පිළිබද සාකච්ඡා කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. පක්‍ෂ දේශපාලනය පසෙකලා අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු නොකිරීම හේතුවෙන් තමන් එම තීරණය ගත් බවද එම මන්ත්‍රී කණ්ඩායම වැඩිදුරටත් සදහන් කළා.

අග්‍රාමාත්‍ය ධුරය සදහා නම් තුනක් යෝජනා කරමින් පක්‍ෂ 11 සහ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ඊයේ ලිපියක් යොමු කර ඇති බවද වාර්තා වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජයදාස රාජපක්‍ෂ, ඩලස් අලහප්පෙරුම සහ නිමල් සිරිපාල ද සිල්වාගේ නම් අග්‍රාමාත්‍ය ධුරය සදහ එලෙස යෝජනා කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

මෙවන් පසුබිමක් තුළ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර සාකච්ඡාවක්ද ඊයේ සිදුව තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය ධුරය සදහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට මන්ත්‍රීවරුන් 150 දෙනෙකු එකගතාව පළ ඇති බවද වාර්තා වුණා. ඒ අනුව බොහෝ දුරට අද හෝ හෙට දිනය ඇතුළත රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
clear sky
30 ° C
30 °
30 °
75 %
3.9kmh
6 %
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
30 °

Must Read

SPORT