14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsපළාත් අතර සංචරණ සීමා තහනම තවදුරටත් : ආගමික ස්ථාන වසා තැබුවත් සම්භාහන...

පළාත් අතර සංචරණ සීමා තහනම තවදුරටත් : ආගමික ස්ථාන වසා තැබුවත් සම්භාහන මධ්‍යස්ථාන විවෘත කිරිමට අවසර…

-

පළාත් අතර සංචරණ සීමා තහනම තවදුරටත් : ආගමික ස්ථාන වසා තැබුවත් සම්භාහන මධ්‍යස්ථාන විවෘත කිරිමට අවසර…

හෙට දිනයේ සිට ජුලි මස 19 වෙනිදා දක්වා බලපැවත්වන පරිදි පළාත් අතර සංචරණ සීමා තහනම දීර්ඝ කිරිමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිවේදනය කර තිබෙනවා.

හෙට සිට ජුලී මස 19 වෙනිදා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගොපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් මේ වන විට නිකුත් කර ඇත්තේ.

නිකුත් කළ නවතම මාර්ගෝපදේශයන්ට අනුව අවන්හල් සෞඛ්‍ය රෙගුලාසිවලට යටත්ව විවෘත කිරීමට අවසර හිමිව තිබෙනවා. ව්‍යායාම් මධ්‍යස්ථාන සහ ගෘහස්ථ ක්‍රීඩාගාර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව විවෘත කළ හැකියි. පබ් සහ බාර්, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, ඔට්ටු මධ්‍යස්ථාන ද වසා තැබිය යුතු වනවා. ස්පා විවෘත කිරීමට අවසර හිමිවන අතර හෝටල් සහ විවේකාගාර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව විවෘත කළ හැකියි. කෙසේවෙතත් පූජනීය ස්ථාන බැතිමතුන් සඳහා විවෘත කිරීමට අවසර හිමිව නැහැ.

පොදු ප්‍රවාහන සේවා බස්නාහිර පළාත තුළ පමණක් ආසන ධාරිතාවයෙන් සීයයට 30කට සීමා කර තිබෙනවා. සෙසු පළාත්වල පොදු ප්‍රහාන සේවා ආසන ධාරිතාවයෙන් සියයට 50කට යටත්ව ක්‍රියාත්මක කළ හැකියි. පෞද්ගලික කුලී රථ ආසන ධාරිතාවයට පමණක් සීමා කර තිබෙනවා.

රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන අවම සේවක සංඛ්‍යාවකින් කටයුතු කළ යුතුයි.  අවශ්‍යතාව මත ආයතන ප්‍රධානියාට සේවයට ගෙන්වා ගත හැකි ප්‍රමාණය තීරණය කර හැකි වනවා. එහි වගකීම ආයතන ප්‍රධානියා සතුවන අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට සේවකයින් උනන්දු කළ යුතුයි.

වැඩමුළු, සම්මන්ත්‍රණ, සන්නාම දියත් කිරීම උපරිම සාමාජිකයින් 25කට සිීමාවන පරිදි පැවැත්විය හැකියි. ඇගලුම් හා අනෙකුත් කර්මාන්ත ක්‍රියාත්මක කිරීමට අවසර හිමිව තිබෙනවා. මූල්‍ය ආයතන අවම කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් ක්‍රියාත්මක කළ යුතු අතර ඕනෑම වේලාවක ගනුදෙනුකරුවන්ගේ සංඛ්‍යාව 10 නොඉක්මවිය යුතුයි.

එලිමහන් වෙළදාම, සති පොළ පළාත් පාලන ආයතන විසින් බලාත්මක කරන ලද දැඩි සීමාවන්ට යටත්ව විවෘත කළ හැකියි. ආර්ථික මධ්‍යස්ථාන විවෘත කළ හැක්කේ තොග වෙළදාම් සඳහා පමණයි. ලියාපදිංචි ජංගම වෙළදුන් හට අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීමට අවසර හිමිව තිබෙනවා. පදික වෙළදාම් කිරීමට අවසර හිමිව ඇත්තේ සෞඛ්‍ය රෙගුලාසි යටතේ ලියාපදිංචි වූ වෙළදුන්ට පමණයි. සිල්ලර වෙළදසැල් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව විවෘත කළ හැකි වන අතර බේකරි සේවා විවෘත කිරීමට අවසර හිමිව ඇත්තේ උපරිම වශයෙන් වරකට ගනුදෙනුකරුවන් 03 දෙනෙකු සදහා අවස්ථාව හිමිවනවා. සුපිරි වෙළදසැල් තුළ එක්වරකට සිටිය හැක්කේ ඉඩ ප්‍රමාණයෙන් සියයට 25ක ප්‍රමාණයක් පමණයි.

සාප්පු සංකීරණ විවෘත කිරීමට අවසරය හිමිව ඇති අතර සාප්පු සංකීරණ තුල නිදැල්ලේ හැසිරීම හා විනෝදාස්වාද කටයුතු සඳහා අවසර හිමිවන්නේ නැහැ. රෙදිපිලි සාප්පු, සන්නිවේදන, ඡායා පිටපත් සාප්පු ආදිය සඳහාද කටයුතු කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

නිමි ඇදුම් විකිණීමේ වෙළදසැල් සඳහා ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් විවෘත කළ හැකියි. එහිදී වරකට එම ස්ථානයේ සිටිය හැක්කේ මුලු ගණුදෙනු කරුවන්ගෙන් සියයට 25ක ප්‍රමාණයක් පමණයි. සැලුන් සහ රූපාලාවණ්‍යාගාර සෞඛ්‍ය මාර්ගෝපදේශමාලව යටතේ වේලාවන් වෙන් කර ලබා දී පමණක් පවත්වාගෙන යා හැකියි.

පිහිනුම් තටාක විවෘත කිරීමට අවසර හිමි නොවන අතර පුස්තකාල සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව විවෘත කළ හැකි වනවා.

මංගල උත්සව සඳහා අවසර හිමි නොවන අතර මනාලිය සහ මනාලයා ඇතුලු සහභාගී වන්නන් දස දෙනෙකු සමග විවාහ ලියාපදිංචි වීමට අවසර හිමිව තිබෙනවා.

ගෘහස්ථ තුළ උත්සව, මංගල උත්සව, සහ ආගමික උත්සව පැවැත්වීමට අවසර හිමිවන්නේ නැහැ. අවමංගල්‍ය කටයුතු දේහය මුදා හැර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදුකළ යුතුයි. ඒ සඳහා සහභාගී විය හැක්කේ පුද්ගලයින් 15 දෙනෙකුට පමණයි. මෙම සීමාවන් ලබන 19වනදා දක්වා බලපැවැත්වෙන අතර වසංගත රෝග තත්ත්වයන් වෙනස්විම් මත පදනම්ව ලිහිල් කරන ලද සංචරණ සීමා සංශෝධනයට ලක් විය හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ.

කෙසේවෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ පාසල්, විශ්ව විද්‍යාල සහ උපකාරක පංති සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

ඉහත දැක්වූ සංචරණ සීමා ලිහිල් කිරීම හෙට සිට සිදු කෙරුණද යම් ප්‍රදේශයක් එම කාල සීමාව තුළ හුදෙකාලා භාවයට පත්කර තිබෙන්නේ නම් සංචරණ සීමා ලිහිල් කිරීම එම ප්‍රදේශවලට වලංගු නොවන බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28 ° C
28 °
28 °
83 %
3.8kmh
71 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °

Must Read

SPORT