14.3 C
New York
Sunday, April 20, 2025
HomeHEALTH & FITNESSකොරෝනා වයිරසය: වාතයෙන් පැතිරෙන්නේ කෙසේදැයි ලෝක සෞඛ්‍ය සංවිධානය යළි සිතා බලයි...

කොරෝනා වයිරසය: වාතයෙන් පැතිරෙන්නේ කෙසේදැයි ලෝක සෞඛ්‍ය සංවිධානය යළි සිතා බලයි…

-

කොරෝනා වයිරසය: වාතයෙන් පැතිරෙන්නේ කෙසේදැයි ලෝක සෞඛ්‍ය සංවිධානය යළි සිතා බලයි...

වාතයේ රැඳෙන කුඩා අංශු මගින් කොරෝනාවයිරසය පැතිරීමේ සාක්ෂි මතුවෙමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන තිබේ.

තදබදය ඇති තැන, වැසුණු හෝ යහපත් වාතාශ්‍රයක් නොමැති තැන්වල වාතය මගින් සම්ප්‍රේෂණය වීමට ඇති ඉඩ බැහැර කළ නොහැකි බව නිලධාරියෙක් පැවසීය.

මේ පිළිබඳ සාක්ෂි තහවුරු වුවහොත්, ගෘහස්ථ ඉඩකඩ තබාගැනීම සම්බන්ධ මාර්ගෝපදේශවලට එයින් බලපෑමක් එල්ල වීමට ඉඩ තිබේ.

වයිරසය වාතය මගින් සම්ප්‍රේෂණය වීමට ඇති හැකියාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවතක්සේරු කරනු ලැබ ඇති බවට, විද්‍යාඥයින් 200ට වැඩි පිරිසක් යොමු කළ විවෘත ලිපියකින් චෝදනා නගා තිබේ.

මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ පුද්ගලයින්ගේ කැස්සෙන් හෝ කිවිසුම් මගින් නිකුත් වන බිඳිති ඔස්සේ වයිරසය සම්ප්‍රේෂණය වන බවකි.

“අපට අවශ්‍ය ඔවුන් මේ සාක්ෂි පිළිගැනීම,” යැයි ලිපියට අත්සන් තැබූ, කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ රසායනඥයකු වන හොසේ ජිමෙනෙස් රොයිටර් පුවත් සේවයට පැවසීය.

“මේක ඇත්තෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයට එල්ල කරන ප්‍රහාරයක් නොවෙයි. මේක විද්‍යාත්මක විවාදයක්. නමුත් ඔවුන් සමග මේ සම්බන්ධයෙන් කළ සාකච්ඡා ගණනාවකින් අනතුරුව මේ සාක්ෂි ප්‍රතික්ෂේප කිරීම නිසා මහජනයා අතරට යා යුතු යැයි අපට හිතුණා,” ඔහු කියා සිටියේය.

තවත් අත්සන්කරුවකු වන හොංකොං විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බෙන්ජමින් කොව්ලුං බීබීසී සමග පැවසුවේ මෙම සොයාගැනීමේ “වැදගත් සම්බන්ධයක්” ඇති බවය.

“සෞඛ්‍ය සත්කාර ස්ථාන ගැන සැලකුවොත්, වාතයේ ඉතා කුඩා අංශු විසිරීම ඔස්සේ සම්ප්‍රේෂණය වීම මගින් අවදානමක් ඇතිකරනවා නම් සෞඛ්‍ය සත්කාර සේවකයින් හැකි හොඳම ආරක්ෂක උපකරණ පැළඳිය යුතු බව අපට පැහැදිලියි. ඇත්තෙන්ම කෝවිඩ්-19 ට අදාළ එවැනි සම්ප්‍රේෂණයක් ගැන කතා කිරීමට තමන් උනන්දු නැති බවට එක් හේතුවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ, මෙවැනි විශේෂඥතාවකින් යුතු මුහුණු ආවරණ අවශ්‍ය තරම් ප්‍රමාණයක් ලෝකයේ බොහෝ තැන්වලට නොමැති බවයි,” යැයි ඔහු පැවසීය.

“ප්‍රජාව අතරේ, මෙවැනි සම්ප්‍රේෂණයකින් ඇති විශේෂ අවදානමක් ගැන අප කල්පනා කරන්නේ නම්, අති විශාල පැතිරීමක් වළක්වාගන්නේ කෙසේදැයි අප කල්පනා කරන්නට අවශ්‍යයි. හොඳ වාතාශ්‍රය නැති ගෘහස්ථ පරිසරවල, ජනයාගේ තදබදය ඇති හා දිගුකාලීන සමීප සබඳතා ඇති විට එවැනි දෙයක් සිදුවෙන්න පුළුවන්,” ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

පවතින සාක්ෂි මූලික අවදියේ පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධාන නිලධාරීන්ගේ අවධානයට ලක්කර ඇති අතර ඒ පිළිබඳ තවදුරටත් තක්සේරු කිරීම අවශ්‍ය වී තිබේ.

වාතය මගින් කොරෝනාවයිරසය සම්ප්‍රේෂණයවීම සම්බන්ධයෙන් මතුවන සාක්ෂිවලින් කියවෙන “තදබදයෙන් යුතු, වැසුණු, හොඳ වාතාශ්‍රයක් නැති තැන් පිළිබඳ පෙන්වාදී ඇති ආකාරය බැහැර කරන්නට බැහැ.” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසාදන වැළක්වීම හා පාලනය සඳා වූ තාක්ෂණික ප්‍රධානී බෙනඩෙටා අලෙග්‍රන්සි සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28 ° C
28 °
28 °
83 %
3.8kmh
71 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °

Must Read

SPORT