14.3 C
New York
Saturday, December 21, 2024
HomeSri Lanka Newsවැලිකඩින් හමුවු ආසාදිතයා සිටි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 600ක් PCR පරීක්ෂණයට....

වැලිකඩින් හමුවු ආසාදිතයා සිටි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 600ක් PCR පරීක්ෂණයට….

-

වැලිකඩින් හමුවු ආසාදිතයා සිටි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 600ක් PCR පරීක්ෂණයට….

කන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටින 474 දෙනෙකු සහ එහි කාර්ය මණ්ඩලයේ 126 දෙනෙකුගේ ජෛව සාම්පල ලබාගැනීමට පියවර ගත් බව පුනරුත්තාපන කොමසාරිස් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස අද (07) දිනයේ දී හඳුනා ගැනීමත් සමගය.

කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයට ඉකුත් මාර්තු 20 වැනිදා යොමු කළ රැඳවූවෙකු නඩු කටයුත්තක් සඳහා පසුගිය ජුනි 26 වනදා පොළොන්නරුව බන්ධනාගාරය වෙත භාර දී තිබුණි.

අනතුරුව ඔහුව ජුනි 27 වනදා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර තිබූ අතර ඔහු සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂාවේ දී කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව අදාළ ආසාදිතයාව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගනු ලැබීය.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් සඳහා අමුත්තන් පෙන්වීමද අද සිට දින නියමයක් නොමැතිව තාවකාලිකව නැවැත්වීමට බන්ධාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ආසාදිතයාගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ හා නිරෝධායන කටයුතු අද ආරම්භ කළ අතර රැඳවූවන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ද එම පිරිසට අතරට අයත්.

අද දිනයේ වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනාගත් ආසාදිතයා ද සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2078 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අතරින් තවත් 38 දෙනෙකු ගතවූ පැය 24 තුළ සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත ගණන 1955 දක්වා ඉහළ ගොස් තිබෙන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 112 දෙනෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
31 ° C
31 °
31 °
78 %
3.1kmh
98 %
Sat
30 °
Sun
28 °
Mon
28 °
Tue
28 °
Wed
27 °

Must Read

SPORT