14.3 C
New York
Saturday, April 19, 2025
HomeEntertainmentඉර්ෆාන් ඛාන්: 'අතිදක්ෂ' බොලිවුඩ් රංගන ශිල්පියෙකුගේ නික්ම යාම...

ඉර්ෆාන් ඛාන්: ‘අතිදක්ෂ’ බොලිවුඩ් රංගන ශිල්පියෙකුගේ නික්ම යාම…

-

ඉර්ෆාන් ඛාන්: ‘අතිදක්ෂ’ බොලිවුඩ් රංගන ශිල්පියෙකුගේ නික්ම යාම…

ස්ලම්ඩෝග් මිලියනයර් (Slumdog Millionaire) සහ ජුරාසික් වර්ල්ඩ් (Jurassic World) වැනි චිත්‍රපටවල රඟ පෑ භූමිකාවන් හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් බොලිවුඩ් රංගන ශිල්පී ඉර්ෆාන් ඛාන් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 53ක් විය.

ඔහුගේ සූක්ෂම භාවමය රංගනය පිළිබඳව නිසි අගැයීමක් සිදු නොවුණ ද, බොහෝ දෙනෙකු ඔහු ඉන්දියාවේ අතිදක්ෂ රංගන ශිල්පීන් අතරින් කෙනෙකු ලෙස හඳුන්වති.

අතිශය ගෞරවයට පාත්‍ර වූවෙකු වන ඉර්ෆාන් ඛාන් සමග වැඩ කිරීමට ඇති කැමැත්ත නිසා ම චිත්‍රපට අධ්‍යක්ෂ වෙස් ඇන්ඩර්සන් ඔහු වෙනුවෙන් චරිතයක් නිර්මාණය කළේය.

තමන්ට හෝමෝන නිපදවෙන සෛල ආශ්‍රිතව ගෙඩියක් නිසා ඇති වූ දුර්ලභ ඝනයේ රෝගී තත්ත්වයක් ඇතැයි ඔහු 2018 වසරේදී අනාවරණය කළේය.

පසුව ඔහු හෝමෝන නිපදවන සෛලවලට බලපා තිබූ රෝගී තත්ත්වයකට ලන්ඩන් නුවර රෝහලකින් ප්‍රතිකාර ලබා ගත්තේය.

ඔහුගේ මරණය සැලවීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ බොලිවුඩ් ශිල්පීන් මෙන් ම දේශපාලනඥයින් ද ඔහුට ගෞරවය පළ කර තිබිණි.

Irrfan Khan's still from Jurassic World

“ඇදහිය නොහැකි දක්ෂතාවක්… කරුණාවන්ත සගයෙක්… ලෝක සිනමාවට විශිෂ්ට දායකත්වයක් දැක්වූවෙක්… විශාල රික්තයක් නිර්මාණය කර කලින් ම අප අතහැර ගිහින්…,” යනුවෙන් ඉර්ෆාන් ඛාන් සමග පිකූ (Piku) සිනමා පටයේ රඟපෑ බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් භච්චන් ට්විටර් පණිවුඩයක් පළ කර තිබිණි.

බොලිවුඩ් නිළි රවීනා තන්ඩන් ට්විටර් ඔස්සේ සඳහන් කර තිබුණේ, ඔහු “අපූරු සම තාරකාවක්, විශිෂ්ට නළුවෙක් සහ සුන්දර මිනිසෙක්,” යනුවෙනි.

බොලිවුඩ් සිනමාවේ සිට හොලිවුඩ් පුරවරය දක්වා

බොලිවුඩ් සීමාවෙන් ඔබ්බට ගිය ඉර්ෆාන් ඛාන් හොලිවුඩ් දක්වා ද සිය සිනමා දිවිය පුළුල් කළේය.

කොල්ලකරුවෙකු බවට පත් වූ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ මලල ක්‍රීඩකයෙකුගේ ජීවිත කතාව අළලා නිර්මාණය කරන ලද Paan Singh Tomar නමැති චිත්‍රපටයේ ඔහු රඟපෑ ප්‍රධාන චරිතය වෙනුවෙන් 2013 වසරේදී ඔහුට ඉන්දියාවේ ජාතික සිනමා සම්මානය හිමි විය.

ඔහු රඟපෑ අනෙකුත් ජනප්‍රිය සිනමා පට කිහිපයක් වන්නේ, ලන්ච්බොක්ස්, පිකූ සහ හින්දි මීඩියම් යන සිනමා පටයි. ඔහුගේ අවසන් චිත්‍රපටය වූ ඇන්ග්‍රේසි මීඩියම් තිරගත වූයේ පසුගිය මාසයේදීය.

Irrfan Khan

ඔහු ජාත්‍යන්තර අවධානයට ලක්වූයේ, අසිෆ් කපාඩියා අධ්‍යක්ෂණය කළ බ්‍රිතාන්‍ය – ඉන්දීය චිත්‍රපටයක් වූ බැෆ්ටා සම්මානයට පාත්‍ර වූ ‘ද වොරියර්’ (The Warrior) චිත්‍රපටයෙනි.

එම චිත්‍රපටය ඇකඩමි සම්මාන උළෙලේදී බ්‍රිතාන්‍යය නියෝජනය කිරීමට නිර්දේශ වුව ද, හින්දි භාෂාව බ්‍රිතාන්‍යයේ දේශීය භාෂාවක් නොවූ හෙයින් එම අවස්ථාව අහිමි විය.

චිත්‍රපටයේ තීරණාත්මක සාර්ථකත්වය ඔහුගේ සිනමා දිවිය ආරම්භ කළ අතර ඔහු වසරකට චිත්‍රපට පහකට හෝ හයකට පමණ දායක විය.

නාට්‍ය පාසලේදී ඔහුගේ හැකියාවන් හඳුනාගත් එහෙත් සලාම් බොම්බේ චිත්‍රපටයෙන් ඔහු ඉවත් කළ මීරා නයර් සමග ඔහු සබඳතා පැවැත්වීය. ඔවුන් දෙදෙනා එක්ව 2006 වසරේදී ද නේම්සේක් (The Namesake) සහ 2010 දී ‘අයි ලව් යූ’ සහ ‘නිව් යෝක්’ යන චිත්‍රපට නිර්මාණය කළහ.

‘අ මයිටි හාර්ට්’ (A Mighty Heart) චිත්‍රපටයේ පාකිස්තාන පොලිස් කපිතාන්වරයෙකුගේ චරිතයක් සඳහා මයිකල් වින්ටර්බොටම් ඉර්ෆාන් තෝරාගත් අතර, ඔහු සමග වැඩ කිරීමට ඇති කැමැත්ත නිසා ම ද ඩාර්ජිලිං ලිමිටඩ් (The Darjeeling Limited) චිත්‍රපටය සදහා වෙස් ඇන්ඩර්සන් ඉර්ෆාන් වෙනුවෙන් ම සුළු චරිතයක් නිර්මාණය කළේය.

ඔහුගේ රෝග තත්ත්වය පිළිබඳව ප්‍රසිද්ධ කිරීමෙන් මාස දෙකකට පමණ පසු ඔහු පිළිකා ප්‍රතිකාර සහ “ජීවිතයේ අනිත්‍යබව” පිළිබඳව සිය අත්දැකීම් ඇතුළත් විවෘත ලිපියක් ලිව්වේය.

එම ලිපිය හේතුවෙන් ඔහුට ලොව පුරා සිටින රසිකයින්ගේ සහයෝගය නොමඳව ලැබිණි.

ඔහුගේ මහජන සම්බන්ධතා සමාගම ඔහුගේ අභාවය තහවුරු කරමින් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, “ඔහුගේ ප්‍රේමයෙන් වට වී, ඔහු වඩාත් සැලකිලිමත් වූ ඔහුගේ පවුල අතහැර ඔහු ස්වර්ගය බලා නික්ම ගියේ සැබවින්ම තමාගේ ම උරුමයක් ඉතිරි කරමිනි. ඔහුට සමාදානය පතා අපි සැවො ම යාච්ඤා කරමු,” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
32 ° C
32 °
32 °
68 %
5kmh
25 %
Sat
31 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
30 °

Must Read

SPORT