14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsතවත් කොරෝනා රෝගීන් 03ක් මෙරටින් වාර්තා වේ...සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 25ක්...

තවත් කොරෝනා රෝගීන් 03ක් මෙරටින් වාර්තා වේ…සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 25ක් දක්වා ඉහළට…

-

තවත් කොරෝනා රෝගීන් 03ක් මෙරටින් වාර්තා වේ…සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 25ක් දක්වා ඉහළට…

නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් තිදෙනෙක් වාර්තා වී ඇති බවත් මේ වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 162ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

ඊයේ (03) දිනයේ සිට මේ දක්වා හඳුනා ගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 11ක් බවත් ඉන් තිදෙනෙක් යාපනය නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමුවූ බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

එමෙන්ම අමෙරිකාවේ සහ දකුණු කොරියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයින් දෙදෙනෙක් ද ඒ අතර වේ.

එමෙන්ම හලාවත නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයෙක් සහ එම ප්‍රදේශයෙන් සොයා ගත් තවත් අයෙක්ට ද කොරෝනා වෛරසය වැලදී ඇති බවට අනාවරණය වී ඇත.

මිට අමතරව විදේශිකයින් ලඟින් ඇසුරු කළ අයෙක්ද කළුතර ප්‍රදේශයේ වසා දමා ඇති ප්‍රදේශයකින් හඳුනා ගත් ගැබිනි කාන්තාක්ද මේ අතර සිටියි.

මිට අමතරව අකුරණ ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගියා ලඟින් ඇසුරු කළ පුද්ගලයින් දෙදෙනෙක්ටද කොරෝනා වෛරසය වැලදී ඇති බව අනාවරණය වී ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියේ.

මේ අතර කොරෝනා වයිරසය ආසාදනය වී වැලිකන්ද රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද (04) මියගිය පුද්ගලයාගේ ආදාහන කටයුතු පොලොන්නරුව, අරලගන්විල, විජයබාපුර අදහනගාරයේදී අද පස්වරුවේ සිදු කෙරුණු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප‍්‍රකාශ කළේ.

සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 25ක් දක්වා ඉහළට : කොළඹ කොරෝනා රෝගීන් 38ක්

නව කොරෝනා වෛරසය වැලදී රෝහල් ගතව සිටි තවත් රෝගියෙක් සම්පුර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය වැලදී රෝහල් ගතව සිටි පුද්ගලයින් 25 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.

අද (04) පෙරවරු 10.00 වන විට කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් 273 දෙනෙක් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියේ.

මෙරට නව කොරෝනා වෛරසය වැලදුනු රෝගීන් 159 දෙනා ගෙන් 38 දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයන් වාර්තා වේ.

ඊට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 26ක්, කළුතර රෝගීන් 25ක්, ගම්පහ රෝගීන් 11ක්, මහනුවර රෝගීන් 4ක් සහ යාපනයෙන් රෝගීන් 07 දෙනෙක් වාර්තා වී ඇත.

අවධානම පහව ගොස් නැහැ : විශේෂඥ උපදෙස් අනුව කොරෝනා මර්ධන වැඩපිළිවෙල ඉදිරියටම

දැනට ආරම්භ කර ඇති කොරෝනා මර්ධන වැඩසටහන වඩාත් විධිමත්ව තත්ත්වය යහපටත් වන තුරු ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබෙනවා.

ඒ, කොවිඩ් -19 වසංගතය හෙවත් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්තිය පාලනය කිරිම පිණිස රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරිම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ රැස්වීමකදී එම තීරණය ගෙන ඇත.

කොරෝනා රෝගීන් වැඩි සංඛ්‍යාවක් හමුවූ දිස්ත්‍රික්ක කිහිපය හැර බහුතරයක් දිස්ත්‍රික්කවල රෝගය ව්‍යාප්ත වීමේ තර්ජනයක් දැනට නොමැති බවත් ළග එන අලුත් අවුරුදු සමය අවසන් වීමත් සමග අවදානමෙන් තොර දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක සීමාවන් ඉවත් කිරීමේ හැකියාව පවතී. එබැවින් අලුත් අවුරුදු අවසානය තෙක් කොරෝනා මර්දන වත්මන් වැඩසටහන පවත්වාගනෙ ගොස් අනතුරුව තත්ත්වය විමර්ශනය කොට ඊළඟ පියවර තීරණය කිරීමට සාකච්ජාවේදී ඒකඟත්වය පළ විය.

ආසාධිතයින්, ආසාධිතයන් බවට සැක කෙරෙන පිරිස සහ ඔවුන් ඇසුරු කළ අය නැවත නැවතත් දැඩි පරීක්ෂණයකට ලක් කළ යුතු බව මෙහිදී තීරණය කර තිබෙනවා. වසංගතය පාලනය කිරිමට සමත් වූ රටවල් අනුගමනය කර ඇත්තේ එවැනි පිළිවෙතක් වේ.

ආසාධිතයින් සහ ඔවුන් ඇසුරු කළ අය නිවැරදිව හඳුනා ගැනීමට හැකිවී ඇති බවට මෙහිදී ආරක්ෂක බලධාරින් කරුණු වාර්තා කර ඇත.

රට තුල වෛරසයේ ව්‍යාප්තිය හඳුනාගත් මුල් අවස්ථාවේදීම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග නිසා මෙම සෞඛ්‍ය ගැටලුව පාලනයෙන් ගිලිහි යාමට නොදී කළමනාකරණය කිරිමට හැකිවුවත් අවධානම තවම පහව ගොස් නොමැති බව එම සාකජාවේදී අදහස් පළවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
31 ° C
31 °
31 °
74 %
4kmh
100 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT