14.3 C
New York
Sunday, April 20, 2025
HomeHEALTH & FITNESSචීන කාන්තාව කටුනායක ගුවන් තොටට රැගෙන යයි...

චීන කාන්තාව කටුනායක ගුවන් තොටට රැගෙන යයි…

-

චීන කාන්තාව කටුනායක ගුවන් තොටට රැගෙන යයි…

නව කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ චීන ජාතික කාන්තාවට අද(19) අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පිටව යාමට අවස්ථාව හිමි විය.

ඇය අද පස්වරුවේ චීනය බලා පිටත්ව යාමට නියමිත අතර මෙරට චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් ඇයව කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ගොස් තිබේ.

නව කොරෝනා ආසාදනය වූ බවට මෙරට දී තහවුරු කරගත් පළමු සහ එකම පුද්ගලයා වාර්තා වුණේ ඉකුත් ජනවාරි මස 25 වැනිදායි.

සංචාරයක් සඳහා දිවයිනට පැමිණි 40 හැවිරිදි චීන ජාතික කාන්තාවක වූ ඇය දින 20ක පමණ කාලයක් මෙරට සංචාරය කර තිබුණි.

සංචාරයේ අවසන් දිනයේ එනම් ජනවාරි 25 වැනිදා යළි චීනය බලා පිටත් යාමට සූදානමින් සිටිය දී ඇය අසනීප තත්ත්වයෙන් රෝහල්ගත කෙරුණි.

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ වෛද්‍යවරුන්ගේ විශේෂ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලැබූ ඇය දින 10 කට පමණ පෙර සුවය ලබා සිටියේය.

කෙසේවෙතත් ඇයගේ ශරීරයෙන් වෛරසය සම්පූර්ණයෙන්ම ඉවත් වූ බව තහවුරු කර ගැනීම සඳහා අවස්ථා කිහිපයකදීම වෛද්‍ය පර්යේෂණ ආයතනය ඇයගේ ජීව සාම්පල පරික්ෂාවට ලක් කළේය.

එමඟින් ඇයගේ සිරුරෙන් වෛරසය ඉවත් වී ඇති බවට පසුව තහවුරු කර ගැණුනි.

අද පෙරවරුවේ ඇයට රෝහලෙන් පිටත්වයාමට අවස්ථාව ලැබුණේ එම වෛද්‍ය නිර්දේශ අනූවයි.

එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අසිත අත්තනායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් චීන කාන්තාව පවසා සිටියේ, ශ්‍රී ලංකාව හරිම ලස්සන රටක් බවයි.

මෙහි මිනිසුන් හරිම මිත්‍රශීලි බවත් පැවසු ඇය වෛරසය ආසාදනය වු බවට දැන ගත් පසුව තමාට හිතා ගැනීමට නොහැකි වු බවත් තමන්ගේ වාසනාවට ලංකාවේ වෛද්‍යවරුන් හා හෙදියන් පිරිසක් මුණගැසුණු බවත් පැවසීය.

ඒ අයට තමා ජීවිතයෙන්ම ස්තූතිය පළ කරන බවත් පැවසු චීන කාන්තාව තමා වෙනුවෙන් දින 26 ක් පුරා මොවුන් විශාල කැප කිරීමක් කළ බවත් කියා සිටියේය.

මෙය හුදෙක්ම ප්‍රතිකාරයක් පමණක් නොවන බවත් පැවසු ඇය මෙය තමාට ශක්තිමත් වීමට ලද අවස්ථාවක් බවත් පැවසීය.

තමා නැවත වතාවක් ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බවත් පැවසු ඇය මෙහිදී කියා සිටියේය.

මේ අතර විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ, ඇයට වැළඳී තිබුණේ භයානක තත්ත්වයක කොරෝනා තත්ත්වයක් නොවන බවයි.

මුල් කාලයේ දී විවිධ රෝග ලක්ෂණ තිබු බවත් පැවසු වෛද්‍යවරයා, ඒ සඳහා රෝග ලක්ෂණ පාලනයට කළ හැකි සියල්ල සිදු කල බවත්, ඇයව සති 3ක් පුරා තබා ගැනීමට සිදුවුයේ වෛරසය සම්පූර්ණයෙන්ම ඇයගේ ශරීරයෙන් ඉවත්ව ඇති බව තහවුරු කර ගැනීමට බවත් පැවසීය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටියේ, වෙනත් අයෙකුට වැළඳීමට නොදී මෙම කාන්තාව සුව කර ගැනීමට ලැබීම ගැන අමාත්‍යාංශය ලෙස සතුටට පත්වෙන බවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ, මේ පිළිබඳ සිදු කරන පරීක්ෂණ තවදුරටත් පරිශීලනය කරන බවයි.

සුවය ලැබූ කාන්තාව අද පස්වරුවේ චීනය බලා පිටත්ව යාමට නියමිත අතර මෙරට චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් ඇයව කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන යාමට නියමිතයි.

නව කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව අද වන විට 2009ක්
දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ,ගතවූ පැය 24ක කාලය තුළ චීනයෙන් පමණක් මරණ 132ක් අලුතින් වාර්තා වීමත් සමඟයි.

මේ අතර ජපානයේ යොකොහෝමා වරායේ නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි 500 දෙනෙකු පමණ නිරෝධායන කාලය සම්පූර්ණ කර ආසාදිත තත්ත්වයේ නොසිටීම නිසා පිටව යාමට අවසර ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
76 %
3.1kmh
79 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT