ශ්රීලනිපය ජනපති සමග ඇති කරගත් ගිවිසුම ප්‍රසිද්ධ කරයි…
සිය පක්ෂය ජනාධිපතිවරණයේදී ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා අත්සන් කළ අවබෝධතා ගිවිසුම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
ඒ, එම පක්ෂයේ නිළ ෆේස්බුක් පිටුව හරහායි.
ඉදිරි මහ මැතිවරණය සඳහා තරග කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පාර්ශ්ව සිදු කරන ප්‍රකාශවලට ප්‍රතිචාරයක් ලෙස මෙම අවබෝධතා ගිවිසුම ප්‍රසිද්ධියට පත් කර ඇති බවයි පැවසෙන්නේ.
ඉකුත් ඔත්තෝබර් මස 19 වැනිදා මෙම ගිවිසුමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අත්සන් තැබුවේ එහි මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරයි. ජනාධිපතිවරණයෙන් පසුව ආණ්ඩුවක් පිහිටුවීම සහ සෙසු මැතිවරණවලට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් වන එකඟතාද මෙම අවබෝධතා ගිවිසුමට ඇතුළත්ව තිබෙනවා.