28 C
Colombo
Wednesday, May 21, 2025

යුතුකම ඉටුකිරීමට ආ හිටපු ජනපතිවරු

Published:

පොදුජන පෙරමුණේ රණවිරු සැමරුම අද (20) උදෑසන රණවිරු සැමරුම් ස්මාරකය අසල දී පැවැත්විණ.

එම අවස්ථාවට හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා එක්ව සිටියහ.

මෙහිදී අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ, තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බවයි.

තමා මෙම සැමරුමට එක්වුයේ යුතුකමක් ඉටුකිරීමට පමණක් බව ද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද රාජපක්ෂ මහතා,

“යුතුකමක් ඉටුකරන්න අද අපි ආවේ. 

ඔව් ඉතින් යුද්ධ කරේ සාමය වෙනුවෙන් තමා. කාවවත් අල්ලගන්න නෙමෙයි. අපි යුද්ධ කළේ රට බේරගන්න.

ඉදිරියට මේවා කරයි ද ? නැද්ද කියන්න බෑ.. ඒක එන ආණ්ඩු එක්ක තමා තීරණය වෙන්නේ. 

යුද්ධය කියන්නේ ඛේදවාචකයක්. නමුත් අපේ හමුදා ජයග්‍රහණය කරා. යුද්ධයේ දී එක පැත්තක් ජයග්‍රහණය කරන්න එපැයි.

ජාතික ආරක්ෂාව ඉතින් ප්‍රශ්නයක් නෑනේ. රට ආරක්ෂා කරන්න ඕනේ…”

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
1,327FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img