සිරියාවට පනවා ඇති සියලුම සම්බාධක ඉවත් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ විදෙස් සංචාරයක් සඳහා සෞදි අරාබිය වෙත පැමිණි අවස්ථාවේදීයි.
ඒ අනුව, හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ පාලන සමයේදී සිරියාවට එරෙහිව පනවන ලද දිගු කලක් තිස්සේ පැවති එක්සත් ජනපද සම්බාධක නුදුරේදීම ඉවත් කෙරෙනු ඇති.