14.3 C
New York
Thursday, April 17, 2025
HomeWorldනවසීලන්තයේ සිදු වූ වෙඩි තැබීමෙන් 49 ක් මරුට: තවත් 20කට බරපතළයි.....

නවසීලන්තයේ සිදු වූ වෙඩි තැබීමෙන් 49 ක් මරුට: තවත් 20කට බරපතළයි…..

-

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර අල් නූර් හා ලින් වුඩ් මස්ජීඩ් නමැති මුස්ලිම් දේවස්ථාන දෙකක් ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 49 දෙනෙකුට අධික පිරිසක් මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තවත් 20 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ය.

මෙලෙස මිය ගොස් ඇත්තේ සිකුරාදා දිනයේ පවත්වන විශේෂ දේවමෙහෙයට සහභාගී වීම සඳහා පැමිණ සිටි පිරිසකි.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද වෙඩි තැබීම සිදු වන අවස්ථාවේදී අල් නූර් දේවස්ථානයේ ආගමික වතාවත් සඳහා රැඳී සිට තිබේ.

කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් තම කණ්ඩායමේ කිසිදු සාමාජිකයෙකුට බලපෑමක් නොවූ බවත් තම කණ්ඩායම එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් වූ බවත් බංග්ලාදේශ ක්‍රිකට් නායක තමීම් ඉක්බාල් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ ය.

ගිනිඅවි කිහිපයකින් සන්නද්ධව මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරු, ඉවක් බවක් නොමැතිව දේවස්ථානය තුළ සිටි සියලු දෙනා ඉලක්ක කර වෙඩි තබන අයුරු දැක්වෙන ඔහු විසින්ම පටිගත කළ විඩියෝ පටයක් මේ වන විට මාධ්‍යයට නිකුත් කර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවක් ඇතුළු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ය.

වෙඩි තැබීමෙන් අනතුරුව නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර සියලු මුස්ලිම් දේවස්ථාන තාවකාලිකව වසා දමන ලෙස එරට බලධාරීහු නියෝග කළහ.

නවසීලන්ත පොලිස් නිලධාරීන් මහජනතාවට අනතුරු අඟවමින් ප්‍රකාශ කළේ, සිද්ධිය වාර්තා වූ ප්‍රදේශයේ ගැවසීමෙන් වළකින ලෙස ය.

වෙඩි තැබීම වාර්තා වීම හමුවේ මේ වන විට ක්‍රයිස්චර්ච්හි සියලු පාසල් වසා දමා ඇති අතර, ගුවන්තොටුපොළ ඇතුළු නගරයේ ආරක්ෂාව තර කර ඇතැයි නවසීලන්ත පොලීසිය නිවේදනය කළේ ය.

මේ හේතුවෙන් හෙට පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ – නවසීලන්ත තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය අවලංගු කර තිබේ.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර සියලු මුස්ලිම් දේවස්ථාන වසා දමන ලෙස එරට බලධාරීන් නියෝග කර තිබේ.

ඒ, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි ක්‍රයිස්චර්ච් නුවර දේවස්ථානයක් ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් අනතුරුව ය.

සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු නවසීලන්ත පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

රුසියානු RT පුවත් සේවය සඳහන් කළේ, වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 27 දෙනෙකු මිය ගොස් ඇති බව ය.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ආගමික වතාවත් සඳහා අල් නූර් නමැති දේවස්ථානයේ රැඳී සිටි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

තමන් ඇතුළු කණ්ඩායමේ සියලු දෙනා ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් වූ බව කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

නවසීලන්ත පොලීසිය පැවසුවේ, හමුදා ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු වෙඩි තැබීම සඳහා පැමිණ ඇති බව ය.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ආසන්නයේ රැඳී සිටියදී, නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර දේවස්ථානයක් අසළ වෙඩි තැබීමක් සිදුව තිබේ.

කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, තමන් ඇතුළු කණ්ඩායමේ සියලු දෙනා ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් වූ බව ය.

ප්‍රහාරයෙන් දේවස්ථානය තුළ සිටි කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතෙක් විදෙස් මාධ්‍ය වාර්තා කර නොමැත.

ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කළ ප්‍රධාන සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.

ඔස්ට්‍රේලියානු ජාතික 28 හැවිරිදි සැකකරු බ්‍රෙන්ටන් ටැරන්ට් සුදු පැහැති බන්ධනාගාර ඇඳුමකින් අත් විලංගු දමා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතන චෝදනා නගා තිබේ.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර අප්‍රේල් 5 වන දා යළි ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

මොහු සමග තවත් සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන සිටී.

නවසීලන්ත බලධාරීන් පවසන්නේ, ඔවුන් කිසිවෙකුටත් අපරාධ ඉතිහාසයක් නොමැති බව ය.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 49 දෙනෙකු මිය ගිය අතර, ප්‍රහාරයෙන් මිය ගිය පළමු පුද්ගලයා දාවුත් නබී නමැති 71 හැවිරිදි පුද්ගලයෙකි.

මොහු 1980 දශකයේදී ඇෆ්ගනිස්ථානයේ සිට නවසීලන්තයට පැමිණ තිබේ.

බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව යන රටවල් පවසන්නේ, මෙම ප්‍රහාරයෙන් තම පුරවැසියන් පිරිසක් ඝාතනයට ලක්ව ඇති බව ය.

මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් 48 දෙනෙක් තුවාල ලබා සිටිති.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ප්‍රහාරයෙන් මිය ගිය හෝ තුවාල ලැබූ පුද්ගලයින් අතර කිසිදු ශ්‍රී ලාංකිකයෙකු නොමැති බව ය.

මේ අතර ප්‍රහාරයට පැමිණි බ්‍රෙන්ටන් ටැරන්ට් සතුව ගිනිඅවි 5ක් තිබූ බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා ය.

ඇය කියා සිටියේ, නුදුරේදීම නවසීලන්තයේ ගිනිඅවි නීති වෙනස්වනු ඇති බව ය.

ක්‍රයිස්චර්ච් නුවර සියලු ම රජයේ ගොඩනැගිලිවල සියලු ධජයන් නැවත දැනුම් දෙන තුරු අඩකුඹු කර තබන ලෙසට ක්‍රයිස්චර්ච් නගරාධිපතිවරිය නියෝග කර තිබේ.

මේ වන විට ක්‍රයිස්චර්ච් නුවර ආරක්ෂාව තවදුරටත් දැඩි කර ඇති අතර නගරයේ සියලු ම මුස්ලිම් දේවස්ථාන වසා දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
clear sky
28 ° C
28 °
28 °
79 %
1.1kmh
9 %
Wed
28 °
Thu
30 °
Fri
30 °
Sat
29 °
Sun
29 °

Must Read

SPORT