තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (4) පැවති තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජය කර කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 275ක් රැස් කළේය.
Richa Ghosh ලකුණු 58 යි.
පන්දු යැවීමේදී සුගන්දිකා කුමාරි හා චමරි අතපත්තු කඩුලු 3 බැගින් බිඳදැමූහ.
ලකුණු 276 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී තිබියදී තරගයේ අවසන් පන්දුවාරයේ දී ලකුණු 278ක් රැස්කරමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.
හර්ෂිතා සමරවික්‍රම (53) හා නිලක්ෂිකා සිල්වා (56) අර්ධ ශතක රැස්කරමින් දක්ෂතා දැක්වූහ.
වසර 7 කට පසු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් එක්දින තරගයකදී ඉන්දියාව පරාජය කළ පළමු අවස්ථාව මෙයයි.
අවසන්වරට ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව පරාජය කර තිබුණේ 2018 වසරේදීය.
තරගයේ වීරවරිය ලෙසින් පන්දු 33කින් ප්‍රහාරාත්මක ලකුණු 56ක් රැස්කළ නිලක්ෂිකා සිල්වා සම්මාන දිනාගත්තාය.
මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ මේ දක්වා ක්‍රීඩාකළ තරග 3න් තරග 2ක් ජයගෙන තවමත් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය රැකගෙන සිටියි.
ඉන්දියාව එහි පෙරමුණේ සිටින අතර, තවමත් එකඳු ජයක් හෝ ලබා නොමැති දකුණු අප්‍රිකාව අවසන් ස්ථානයේ පසුවේ.