14.3 C
New York
Sunday, April 20, 2025

-

මැයි 18 කොටි ප්‍රහාරයක්? මෙරට බුද්ධි අංශ ඉන්දියාවෙන් කරුණු විමසයි…

එල්ටීටීඊ සංවිධානය මැයි මස 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශ ඉන්දීය බුද්ධි අංශයන්ගෙන් කරුණු විමසා තිබේ.

විමුක්ති කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කර 13න් වසරක් සපිරෙන මේ මොහොතේදී ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, එය ඉන්දීය බුද්ධි අංශ විසින් සාමාන්‍ය බුද්ධි තොරතුරක් ලෙස සලකා මෙරටට එවැනි තර්ජනක් පිළිබඳව දැන්වූවක් බව යි.

එහෙත් මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කර වැඩිදුර තොරතුරු වේ නම්, ඒ පිළිබඳව මෙරට දැනුම්දීමට කටයුතු කරන බව ඉන්දීය බුද්ධි අංශ දන්වා ඇතැ යි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙම තොරතුර සහ ජාතික ආරක්ෂාව හා සම්බන්ධයෙන් බුද්ධි සහ ආරක්ෂක අංශ වෙත ලැබෙන සියලු තොරතුරු නිසි ලෙස විමර්ශනය කර, අදාළ ආරක්ෂක අංශ දැනුවත් කර, ආරක්ෂාව තර කිරීම සඳහා අවශ්‍ය සියලු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇතැ යි ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි.

“කොටි නැගිටියි” – ඉන්දීය මාධ්‍ය අනාවරණය

මැයි 18 වැනිදාට යෙදෙන මුල්ලිවයිකාල් සංවත්සරය නිමිත්තෙන්, විදේශයන්හි වෙසෙන LTTE කාඩරයින් ශ්‍රී ලංකාවට ප්‍රහාර එල්ල කිරීමට කුමන්ත්‍රණය කර ඇති බව හින්දු පුවත් පත පසුගිය 13 වැනිදා ප්‍රකාශ කළේ ය.

රට ගැඹුරු ආර්ථික හා දේශපාලන අර්බුදයක පැටලී ඇති හෙයින්, ශ්‍රී ලංකාව තුළ ප්‍රහාර දියත් කිරීම සඳහා තහනම් කරන ලද එල්ටීටීඊ සංවිධානයේ පැරණි සාමාජිකයින් යළිත් එක්වී සිටින බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇතැ යි එම පුවත්පත පැවසීය.

බහුජාතික සම්බන්ධතා ඇති ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් පිරිස් විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර පවතින ගැටුම්වල දී ඔවුන්ගේ පැවැත්ම “නිවේදනය කිරීමට” උත්සාහ දරමින් සිටි බව ඉන්දීය ආරක්ෂක අංශ උපුටා දක්වමින් ද හින්දු වාර්තා කළේ ය.

ද හින්දු පුවත්පත පවසන පරිදි, බුද්ධි තොරතුරු උපුටා දැක්වූ ආරංචි මාර්ග පවසා ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ ප්‍රහාරක සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා පැරණි කොටි සාමාජිකයින් පිරිසක් තමිල්නාඩුවට ඇතුළුවී ඇති බව යි.

එරට රාජ්‍ය බුද්ධි අංශ සහ ප්‍රාදේශීය පොලිසියේ විශේෂ කණ්ඩායම් තමිල්නාඩු ප්‍රාන්තයේ කිලෝමීටර් 1,000කට වැඩි වෙරළ තීරයේ සෝදිසියෙන් සිටි බව පුවත්පත් ලිපියේ දැක්විණ.

තමිල්නාඩු පොලිසියේ වෙරළාරක්ෂක කණ්ඩායම විසින් මුහුදු සීමාවේ මුර සංචාරයේ වාර ගණන වැඩි කර ඇතැ යි ද එය වාර්තා කළේ ය.

මුහුදට යන ධීවරයින් අවදානම් සාධක පිළිබඳව දැනුවත් කරන ලද අතර, ගැඹුරු මුහුදේ සහ ජාත්‍යන්තර සමුද්‍ර මායිම් රේඛාවේ කිසියම් සැකකටයුතු ක්‍රියාකාරකමක් හෝ පුද්ගලයින් සිටීදැ යි සොයා බලන ලෙස උපදෙස් දී ඇත.

ශ්‍රී ලාංකිකයින් ඉන්දියාවට ඇතුළුවීම වැළැක්වීමට වෙරළබඩ ආරක්ෂක අංශවලට දැනුම් දී ඇති අතර, මුහුදට දෙසට වැටී ඇති සියලුම මාර්ගවල වාහන පරීක්ෂා කිරීම සඳහා මුරපොළවල් තර කරන ලෙස සියලුම වෙරළබඩ දිස්ත්‍රික්කවල පොලිස් අධිකාරීවරුන්ට දන්වා ඇති බව ද හින්දු අනාවරණය කළේ ය.

තමිල්නාඩුව මෑත වසරවල දී LTTE හිතවාදීන්යැ යි සැකකෙරෙන පුද්ගලයින්ගේ හෝ එහි හිටපු සාමාජිකයින්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරමින් හිඳ ඇත.

ජාත්‍යන්තර සම්බන්ධතා ඇතිව මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීම සහ ශ්‍රී ලංකාව තුළ සංවිධානය යළි පණගැන්වීම සඳහා අරමුදල් රැස්කිරීම යන චෝදනා මත, ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය විසින් කොටි බුද්ධි අංශයේ හිටපු ක්‍රියාකාරිකයකු වූ සත්කුනම් හෙවත් සබේසන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය වසරේ දී ය.

2019 වසරේ ඇති වූ පාස්කු ඉරු දින ප්‍රහාරයට අදාළ නිශ්චිත බුද්ධි තොරතුරු ඉන්දීයානු බලධාරීන් ශ්‍රී ලංකාවට ලබාදී තිබියදීත් එය වලක්වාගැනීමට අපොහොසත් වීමෙන් 300 ක් පමණ දෙනෙක් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
27 ° C
27 °
27 °
83 %
3.5kmh
65 %
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
30 °

Must Read

SPORT