හෙට සිට රජයේ පාලන මිලට සහල් දෙනවා – ඩඩ්ලි සිරිසේන…
හෙට (19) දිනයේ සිට තමා ඇතුලු සියලුම සහල් නිෂ්පාදකයින් රජයේ පාලන මිලට සහල් වෙළෙඳපොළට නිකුත් කළයුතු බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.
ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ කුමන ගැටලුවක් පැවතිය ද හෙට දිනයේ සිට තමන් රජයේ පාලන මිලට සහල් වෙළෙඳපොළට නිකුත් කරන බවය.
අනෙකුත් සහල් ව්‍යාපාරිකයින් ද එම මිලට සහල් නිකුත් කළයුතු බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.