14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka News''හදිසි හා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ඇඳිරි නීතිය බාධාවක් නෑ''....

”හදිසි හා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ඇඳිරි නීතිය බාධාවක් නෑ”….

-

”හදිසි හා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ඇඳිරි නීතිය බාධාවක් නෑ”….

සිකුරාදා (මාර්තු 20) පස්වරු 6 සිට සඳුදා (මාර්තු 23) පෙරවරු 6 දක්වා මුළු දිවයිනට ම බලපැවැත්වෙන ලෙස පොලිස් ඇඳිරි නීතිය පනවන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබේ.

මේ කාලය තුළ හැකි තාක් සිය නිවෙස් තුළට වී කාලය ගත කරන්නැයි පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

එහෙත් හදිසි හා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ඇඳිරි නීතිය බාධාවක් කර ගත යුතුව නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මේ අතර, පුත්තලම දිස්ත්‍රික්කයට සහ කොච්චිකඩේ, වත්තල හා ජාඇළ යන පොලිස් බල ප්‍රදේශවලට සිකුරාදා [මාර්තු 20] මධ්‍යහ්න 12 සිට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

අධිවේගී මාර්ග

සිකුරාදා පස්වරු 6ට පෙර අධිවේගී මාර්ගයෙන් ඉවත් වීමට හැකි පරිදි කල්වේලා ඇත්නම් පමණක් අධිවේගී මාර්ගවලට වාහන ඇතුළත් කළ යුතු බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ බීබීසී සිංහල සේවයට පැවසීය.

ඇඳිරි නීතිය පනවන බවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග ව්‍යාපාරික ස්ථාන අසල ජනතාව පෝලිම්වල සිටින අයුරු
ඇඳිරි නීතිය පනවන බවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග ව්‍යාපාරික ස්ථාන අසල ජනතාව පෝලිම්වල සිටින අයුරු
Queues at fuel stations in Sri Lanka

අත්‍යවශ්‍ය සේවා හා ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ මාර්ගවල ගමන් කිරීමට බලපත්‍ර සහිත වාහනවලට, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළදී අධිවේගී මාර්ගවලට ඇතුළු කිරීමට ද අවසර හිමිවේ.

මේ අතර නව කොරෝනාවෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීමත් සමග සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මුදල් අය කිරීමේ කටයුතුවලින් ඉවත් කරන්නැයි සමස්ත ලංකා අධිවේගී මාර්ග මෙහෙයුම් හා කළමණාකරණ පොදු සේවක සංගමය සහ සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය ප්‍රවාහන බලධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබේ.

ඇඳිරි නීතිය නිසා පෝලිම්

දිවයින පුරා ඇඳිරි නීතිය පනවන බවට සිකුරාදා පෙරවරු 9.00ට පමණ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග බොහෝ වෙළෙඳසල් විවෘත කිරීමටත් පෙර එම ව්‍යාපාරික ස්ථාන අසල ජනතාව පෝලිම්වල සිටින අයුරු දක්නට ලැබිණි.

එමෙන් ම ඉන්ධන පිරවුම්හල් අසල ද දිගු පෝලිම් දක්නට ලැබුණු අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල පොලිස් නිලධාරින් ද යොදවා තිබිණි.

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට බාධාවක් නොවන ලෙස ඇඳිරි නීතිය පනවා ඇතැයි සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන ද කියා සිටියේය.

”විශේෂයෙන් සෞඛ්‍ය අංශය, ආරක්ෂක සේවා, පුද්ගලික ආරක්ෂක සේවාවන්, වරාය, අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා යනාදියට මේ ඇඳිරි නීතිය තුළින් බාධාවක් ඇති වෙන්නේ නෑ. අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම ගැන ගැටලුවක් නෑ. පිටකොටුවේ තොග වෙළඳපොළ අද පස්වරු දෙක වෙනකම් පැවැත්වෙනවා. ඊට පසුව එම ප්‍රදේශය නිරෝධායනය කරන විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. සඳුදා උදේ හයට නැවත පිටකොටුව තොග වෙළඳපොළ විවෘත වෙනවා. ඒ නිසා කිසි ම අත්‍යවශ්‍ය ආහාරයක් හිඟ වෙන්නේ නෑ,” යනුවෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන බ්‍රහස්පතින්දා (මාර්තු 19) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

තහනම් කිරීම් සහ අවලංගු කිරීම්

සිකුරාදා (මාර්තු 20) පස්වරු 3.30 සිට සඳුදා (මාර්තු 23) පස්වරු 6 දක්වා සියලු දුම්රිය ගමන් වාර අවලංගු කර තිබේ.

මේ අතර විනෝද චාරිකා, වන්දනා සහ සංචාරක ගමන් වහා ම තහනම් කිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

කොරෝනාවෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස රජය නිවාඩු දින සහ නිවසේ සිට වැඩ කිරීමේ දින ප්‍රකාශයට පත් කළේය.

එම කාලය තුළ ජනතාව එක්රැස් නොවී හැකිතාක් නිවෙස් තුළ ගත කරන්නැයි රජය ඉල්ලීම් කළ ද ඇතැමුන්ගෙන් ඊට යහපත් ප්‍රතිචාර ලැබුණේ නැත.

බොහෝ දෙනෙකු විනෝද ගමන් යාමට හා ජනතාව එක් රැස්වන උත්සව පැවැත්වීමටත්, අනවශ්‍ය ලෙස වෙළෙඳ සල්වල ගත කිරීමටත් එම කාලය යොදාගත් බව සෞඛ්‍ය ඇමතිනිය කියා සිටියාය.

එමෙන් ම ස්වයං නිරෝධායනයට ලක්වෙන්නැයි ඉල්ලීම් කළ ද එම පවුල්වල සාමාජිකයන් වෙළෙඳ සල් වැනි ජනතාව එක් රැස්වෙන ස්ථාන වෙත යාම වැනි සිද්ධීන් ද වාර්තා විය.

මේ අතර කොරෝනාවෛරසය ආසාදිත වූ බව සඟවා රාගම රෝහලට ඇතුළත් වූ පුද්ගලයෙකුට එරෙහිව නඩු පවරන ලද බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

ඇඳිරි නීතිය නොතකා මුහුදෙන් ගිය පිරිසක්

ඇඳිරි නීතිය පනවා තිබියදී මුහුදු මගින් මන්නාරම දෙසට ගමන් කරමින් සිටි පුද්ගලයන් 20 දෙනෙකු අත්අඩංගුවටගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබන්ඩාර බී බී සී සිංහල සේවයට කියා සිටියේය.

ඔවුන් යාත්‍රා දෙකකට ගොඩවී තිබෙන්නේ කොචිචිකඩේ, කල්පිටිය හා පුත්තලම යන ප්‍රදේශ වලිනි.

සැකකරුවන් කිසිවෙකු ළඟ අනන්‍යතාවය තහවුරු කළ හැකි කිසිවක් තිබී නැත.

නාවික හමුදාව මේ පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ බත්තලන්ගුන්ඩුව දූපතට ආසන්න මුහුදේදී ය.

මෙම පිරිස වැඩිදුර පරීක්ෂණ සඳහා හලාවත පොලිසියට භාරදීමට පියවර ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මාර්තු 01 වන දා හා 09 වන දා දක්වා කාලය තුළ නිරෝධායන ක්‍රියාවලියට ලක් නොවී රටට ඇතුළු වූ පුද්ගලයින් 1500ත් 2000ත් අතර සංඛ්‍යාවක් සිටින බව රජය පවසයි.

එම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන නව කොරෝනාවෛරසය රට තුළ පැතිරීම වැළක්වීම සඳහා මුළු දිවයිනට ම බලපාන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවූ බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 66කි. දැනට රෝහල්ගත කර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සංඛ්‍යාව 218ක් බව වසංගත රෝග විද්‍යා අංශය සිකුරාදා පෙරවරු 10ට නිකුත් කළ දෛනික තත්ත්ව වාර්තාවේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
71 %
4.2kmh
52 %
Sun
30 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT