14.3 C
New York
Saturday, April 19, 2025
HomeSri Lanka News“සිරි දළදා වන්දනාව” ඇරඹේ - සුදුවතින් සැරසුණු සැදැහැවතුන්ගෙන් මහනුවර පිරී ඉතිරෙයි

“සිරි දළදා වන්දනාව” ඇරඹේ – සුදුවතින් සැරසුණු සැදැහැවතුන්ගෙන් මහනුවර පිරී ඉතිරෙයි

-

“සිරි දළදා වන්දනාව” ඇරඹේ – සුදුවතින් සැරසුණු සැදැහැවතුන්ගෙන් මහනුවර පිරී ඉතිරෙයි

මෙරට බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ සේ සැළකෙන මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩ වෙසෙන අති උතුම් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව වසර 16කට පසු අද පස්වරුවේ මෙරට ජනතාවට විවර වුණා.

එම අවස්ථාව උදා කර දෙමින් “සිරි දළදා වන්දනාව” අද පස්වරුවේ සමාරම්භ කෙරුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන්.

මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහානායක ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් අනතුරුව එම සමාරම්භය සනිටුහන් කෙරුණා.

පස්වරු 01යි 30ට පමණ ජනාධිපතිවරයා ශ්‍රී දළදා මාළිගාවේ දළදා සමිඳුන් වැඩවෙසෙන විශේෂ කුටිය වෙත ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගත් අතර එම අවස්ථාවට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද එක්ව සිටියා.

බුද්ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු මැති ඇමතිවරුන්,  වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බි්‍රතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් තානාපතිවරුන් හා මහා කොමසාරිස්වරුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ජනාධිපතිවරයා දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව සැදැහැවතුන්ට දළදා සමිඳුන් සියැසින් දැක වන්දනා කර ගැනීමේ විරල අවස්ථාව උදා වුණා.

දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා පැමිණ සිටින සැදැහැවතුන්ගෙන් මහනුවර නගරය පිරී ඉතිරී ගොස් තිබෙනවා.

පෝළිම් තුනක් ඔස්සේ දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර කිලෝමීටර් ගණනාවක් පුරාවට එම පෝළිම් විහිද තිබූ බවයි වාර්තාකරුවන් පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
29 ° C
29 °
29 °
81 %
4.6kmh
42 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
28 °
Wed
29 °

Must Read

SPORT