එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වන ටිම් බූන්, පුහුණුකරුවෙකු හා ඉහළ කාර්යය සාධන උපදේශකවරයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වී තිබේ.
ඒ, මැයි 8 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාසයක කාලයක් සඳහායි.
එම කාලය තුළ බූන් ශ්‍රී ලංකාවේ කාන්තා ජාතික කණ්ඩායම, කාන්තා ‘ඒ’ කණ්ඩායම, පිරිමි නැගීඑන කණ්ඩායම සහ ශ්‍රී ලංකා 17 න් පහළ ජාතික කණ්ඩායමේ පිතිකරණ කුසලතා ඉහළ නැංවීමට සමගාමීව කටයුතු කරනු ලබයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය නිවේදනයකට අනුව, බූන්ගේ වැඩසටහනට සමස්ත පිතිකරණ ප්‍රවේශය සහ පුද්ගල කාර්ය සාධනය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් තාක්ෂණික සහ උපායශීලි සැසි ඇතුළත්.