29.5 C
Colombo
Monday, May 19, 2025

විදුලි ගාස්තු සංශෝධනය ගැන මණ්ඩලයෙන් නිවේදනයක්

Published:

යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය මේ බව සඳහන් කළේය.

2014-2022 කාලය තුළදී විදුලි ජනනය, සම්ප්‍රෙෂණය සහ බෙදාහැරීම සඳහා දැරීමට සිදුවූ පිරිවැය ඉහළ ගියද විදුලි ගාස්තුවල කිසිඳු වෙනසක් සිදුනොකළ බවත්, එම කාලය තුළ ඉන්ධන ගාස්තු, ගල් අඟුරු, අමතර කොටස් සහ නඩත්තු වියදම් ද නිරන්තරයෙන් ඉහළ ගිය බවත් නිවේදනයේ සඳහන්ය.

එලෙස ඉහළ ගිය පිරිවැයේ සම්පූර්ණ බර මණ්ඩලය විසින් දැරීම හේතුවෙන් මහා පරිමාණ ණය ගැනීමට සහ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ගෙවීම් කල්දැමීමට සිදුවීම මේ වනවිට ණය අර්බුදයක් දක්වා ඔඩුදුවා ඇති බවද නිවේදනයෙන් දැක්වෙයි.

ඒ අනුව යෝජිත විදුලි ගාස්තු සංශෝධනය් අරමුණ වන්නේ අත්‍යවශ්‍ය වියදම් ක්‍රමානුකූලව ප්‍රතිපූර්ණය කරගැනීම, ණය අර්බුදය කළමණාකරනය කිරීම සහ සැපයුම්කරුවන්ට නියමිත කළට ගෙවීම් සිදුකිරීම යනාදිය වේ.

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
1,319FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img