14.3 C
New York
Friday, April 18, 2025
HomeSri Lanka Newsවාස් ගුණවර්ධන ඇතුළු 06කට පැනවූ මරණ දඬුවම තහවුරු කෙරේ - මරණ දඬුවම...

වාස් ගුණවර්ධන ඇතුළු 06කට පැනවූ මරණ දඬුවම තහවුරු කෙරේ – මරණ දඬුවම නියම වූ එමිල් රංජන්ට නිදහස…

-

වාස් ගුණවර්ධන ඇතුළු 06කට පැනවූ මරණ දඬුවම තහවුරු කෙරේ – මරණ දඬුවම නියම වූ එමිල් රංජන්ට නිදහස…

බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පැනවූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද තහවුරු කරනු ලැබුවා.

වාස් ගුණවර්ධනට අමතරව ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට ද පනවා තිබූ මරණීය දණ්ඩනය මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද තහවුරු කර තිබෙනවා.

එම දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුවයි අද මෙම නියෝගය නිකුත් කළේ.

ඒ, විජිත් මලල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙංගප්පූලි විසින්.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුවේ පෙත්සම්කාර හා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන බවයි.

මෙහිදී මහාධිකරණය විසින් විත්තිකරුවන්ට ලබා දුන් තීන්දුවට මැදිහත්වීමට සාධාරණ පදනමක් නොමැති හෙයින් විත්තිකරුවන්ගේ අභියාචනා නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළා.

2013 වසරේ මැයි මස 22 වනදා බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2015 වසරේ නොවැම්බර් මස 27 වනදා මරණීය දණ්ඩනය නියම කළා.

මෙසේ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුවන් අතරට වාස් ගුණවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග සමීපව කටයුතු කළ උප පොලිස් පරීක්ෂක ඉන්දික බමුණුසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන ගාමිණී සරච්චන්ද්‍ර, ප්‍රියන්ත සංජීව සහ කැලුම් රංග යන අයත්.

බම්බලපිටිය ප්‍රදේශයේදී පැහැරගත් බව කියන මොහොමඩ් ෂියාම් නමැත්තාගේ මෘත ශරීරය දොම්පේ ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයාගෙන තිබුණා.

ඉන් අනතුරුව වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්ට අදාළ නඩු විභාගය කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවති අතර 2015 වසරේ නොවැම්බර් මස 27 වනදා ඔවුන් එම චෝදනාවලට වරදකරුවන් කරමින් මරණය දණ්ඩනය නියම කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීන්දු කළා.

තමන්ට එම දඬුවම් නියම කර තිබෙන ආකාරයේ නීතියට පටහැනි බවත් එබැවින් එම චෝදනාවෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඉල්ලා වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සම් ඉදිරිපත් කළේ ඉන් අනතුරුවයි.

වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් 2017 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කිරීම ආරම්භ කළා.

පුරා වසර හතකට ආසන්න කාලයක් පැවති නඩු විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව  අද දින ප්‍රකාශයට පත් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
27 ° C
27 °
27 °
82 %
3.3kmh
99 %
Fri
30 °
Sat
30 °
Sun
29 °
Mon
29 °
Tue
29 °

Must Read

SPORT