වසර 63 කට පසු දුර්ලභ සුර්යග්‍රහණයක් ශ්‍රී ලංකාවට…
දුර්ලබ වලයාකාර සුර්යග්‍රහණයක් එළඹෙන 26 වනදා ශ්‍රී ලංකාවට දිස්වන බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරනවා.
මෙවැනි සූර්යග්‍රහණයක් මෙරටට දිස්වන්නේ වසර 63 කට පසුව බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්යක්ෂ චින්තන විජයවර්ධන මහතා කියා සිටියේ මෙම සූර්යග්‍රහණය පියවි ඇසින් නැරඹීම අනතුරුදායක බවයි.