ලංකා විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ යැයි පවසන නිසා මෙම වසරේ එහි කිසිදු සේවකයෙකුට පාරිතෝෂිත ගෙවිය නොහැකි බව දැනුම් දුන්නේ යයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ පාඩු ලබන ආයතන වල සේවකයන්ට පාරිතෝෂිත ගෙවිය නොහැකි බවයි. එමෙන්ම දැනට ලංකා විදුලිබල මණ්ඩලයේ පවතින විදුලි ගාස්තු ඉහළ දැමීමට තම කොමිසම එකඟ නැති බව ද පැවසූ ඔහු කොමිසම යහතින් සිටින තාක් කිසිදු පාර්ශ්වයකට විදුලි බිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බව ද පැවසීය.
පැය හත අටක් විදුලිය කපන්නේ යයි බිය පතුරමින් විෂය භාර අමාත්‍යවරයා විදුලි ගාස්තු ඉහල දැමීමට සූදානම් වන බව ද සභාපතිවරයා තවදුරටත් කියා සිටියේය.