14.3 C
New York
Monday, April 21, 2025
HomeSri Lanka Newsරටපුරා ඇතිවූ ගැටුම් වලින් 07 දෙනෙකු ජිවිතක්ෂයට - පොලිස් නිලධාරියෙකුත් ඒ අතර...

රටපුරා ඇතිවූ ගැටුම් වලින් 07 දෙනෙකු ජිවිතක්ෂයට – පොලිස් නිලධාරියෙකුත් ඒ අතර…

-

රටපුරා ඇතිවූ ගැටුම් වලින් 07 දෙනෙකු ජිවිතක්ෂයට – පොලිස් නිලධාරියෙකුත් ඒ අතර…

ඊයේ දින කොළඹ ඇතුළුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ඇතිවූ ගැටුම හේතුවෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළුව පුද්ගලයින් 07 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ දී ඇතිවූ ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව හෘදයාබාධයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර 28 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු කඳුළු ගෑස් විදින තුවක්කුවක් පිපිරීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබු බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

නිට්ටඹුව ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජිවිතක්ෂයට පත්වූ අතර එහිදී මන්ත්‍රීවරයාගේ පාර්ශවයෙන් සිදුකළ වෙඩි තැබීමෙන් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිබුණා.

මේ අතර වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස අසල පැවති විරෝධතාවයකදී එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මේ අතර කොළඹ ඇතිවූ ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 216ක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත. ඉන් 05 දෙනෙකු දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28.5 ° C
28.5 °
28.5 °
77 %
2.5kmh
55 %
Mon
28 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Fri
30 °

Must Read

SPORT