21.3 C
New York
Saturday, May 3, 2025

මාර්තතු මාසයේ රජයේ අපනයන ආදායම ඉහළට

Published:

මාර්තතු මාසයේ රජයේ අපනයන ආදායම ඉහළට

මෙම වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මාර්තු මාසයේ අපනයන ආදායම ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 1,242ක් වාර්තාකර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 8යි දශම 1ක වර්ධනයක්.

ආනයන වියදම මේ වසරේ මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 1,637ක් වන අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 8යි දශම 6ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ.

මේ වසරේ මාර්තු මාසයේදී මෙරටට ලැබුණු විදේශ සේවා ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 693ක්.

එය ඕනෑම වසරක මාර්තු මාසයකදී වාර්තා වූ ඉහළම මාසික විදේශ සේවා ප්‍රේෂණ ප්‍රමාණය බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

මේ වසරේ මාර්තු මාසයේදී සංචාරක ඉපැයිම් අමෙරිකානු ඩොලර් මිලියන 354ක් වන අතර මාර්තු මාසය තුළ සංචාරකයින් දෙලක්ෂ 29,298 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

කෙසේවෙතත් 2025 වසර ආරම්භයේ සිට අප්‍රේල් මස අවසානය දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 2යි දශම 3කින් අවප්‍රමාණය වී ඇති බවයි ශ්‍රී ලංකා  මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
1,033FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img