12 C
New York
Tuesday, April 22, 2025

පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස කථානායක, ජනපතිගෙන් ඉල්ලයි…

Published:

පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස කථානායක, ජනපතිගෙන් ඉල්ලයි…

පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදි කථානායකවරයා කියා සිටියේ තමන් දුරකථනයෙන් ජනාධිපතිවරයා අමතා එම ඉල්ලීම කළ බවයි.

රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ හෙට දිනයේ පක්ෂ නායක රැස්වීමක් පවත්වා තීරණයකට එළඹීමට නියමිත බව ද වාර්තා වනවා. පාර්ලිමේන්තුව ඉකුත් 06 වන සිකුරාදා අවසන් වරට රැස්වූ අවස්ථාවේදී තීරණය කෙරුණේ නැවත ලබන 17 වනදා රැස්වීමටයි.

කෙසේවෙතත් පවතින තත්ත්වය හේතුවෙන් ඊට පෙර පාර්ලිමේන්තුව රැස්වීමේ අවශ්‍යතාවක් මතුව තිබෙනවා. එලෙස කල්තැබූ දිනට පෙර පාර්ලිමේන්තුව කැඳවීමට වම් ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුයි. එහෙත් අග්‍රාමාත්‍ය ධූරය මේවනවිට හිස්ව ඇති බැවින් කථානායකවරයා විසින් ජනාධිපතිවරයාගෙන් එම ඉල්ලීම සිදුකර තිබෙනවා.

Related articles

spot_img

Recent articles

spot_img