14.3 C
New York
Saturday, April 19, 2025
HomeSri Lanka Newsපාඨලී අත්අඩංගුවට ගැනීම ගැන පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලයි...

පාඨලී අත්අඩංගුවට ගැනීම ගැන පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලයි…

-

පාඨලී අත්අඩංගුවට ගැනීම ගැන පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලයි…

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස හෙට වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව පොලිස් කොමිසම පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පොලිස් කොමිසම වෙත සිකුරාදා ඉදිරිපත් කළ ලිපියකට අනුව එම ක්‍රියාමාර්ගය ගන්නා බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේ දී අනුගමනය කළ යුතු සාම්ප්‍රදායික ක්‍රමවේදය පොලිස් අපරාධ කොට්ඨාශය විසින් අනුගමනය කර නොමැති බවට අදාළ ලිපියෙන් කරුණු දක්වා ඇත.

ඒ අනුව පොලිස් කොමිසමේ ස්ථාවරය දැක්වීමට පෙර වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඒ පිළිබද වාර්තාවක් කැදවන බවයි පොලිස් කොමිසම ප්‍රකාශ කළේ.

මේ අතර පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

ගාලු කඩවත්සතර හා තල්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පුජ්‍ය මතුගම ගුණරතන හිමි ප්‍රකාශ කළේ අදාළ රිය අනතුර සම්බන්ධයෙන් පසුගිය රජය වරදක් සිදුකර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
29.7 ° C
29.7 °
29.7 °
70 %
5.3kmh
59 %
Sat
31 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °

Must Read

SPORT