14.3 C
New York
Wednesday, April 16, 2025
HomeSri Lanka Newsනදීක තිළිණි මුදිත් ඇතුළු ස්වර්ණවාහිනී සේවකයෝ ‍15ක් දොට්ට දාලා…

නදීක තිළිණි මුදිත් ඇතුළු ස්වර්ණවාහිනී සේවකයෝ ‍15ක් දොට්ට දාලා…

-

ස්වර්නවාහිනි රූපවාහිනී ආයතනයේ සේවක පිරිසක් හදිසියේ නොදන්වා සේවයෙන් නෙරපා ඇතැයි ‘ස්වර්ණවාහිනී සමස්ථ සේවක වෘත්තීය සමිතිය’ නිවේදනය කරයි.

එහි සභාපති නදීක කරුණානායක මහතා පවසන්නේ (18) වෘත්තීය සමිතියේ සභාපති ලේකම් ඇතුළු පිරිසක් එලෙස දොට්ට දමා ඇති බවයි.

ඊයේ දහවල් කෑම පැයේදී තම වෘත්තීය සමිතියේ රැස්වීමක් ස්වර්ණවාහිනී ආයතන පරිශ්‍රයේදී කැඳවා තිබූ අතර ඊට සමස්ථ සේවකයන්ගෙන් තුනෙන් දෙකක් පමණ සහභාගී වූ බව කරුණානායක මහතා පවසයි. රැස්වීමේදී ආයතනයේ පරිපාලන ගැටළු කිහිපයක් පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර, සේවා කාලයට කිසිදු බලපෑමක් සිදු නොවන පරිදි පැයකින් රැස්වීමේ වැඩකටයුතු අවසන් කළ බවද සඳහන් කරයි.

 

මෙම වෘත්තීය සමිතිය කම්කරු කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි, නීත්‍යානුකූල වෘත්තීය සමිතියක් බවද ඒ මහතා පවසයි.

කෙසේ වෙතත් ඊයේ සේවා මුරය අවසන් කර ආයතනයෙන් පිටව ගොස් අද (19) අළුයම වැඩමුරය සඳහා පෙරවරු 3.00ට පමණ ආයතනය පැමිණි සේවිකාවක් ඇතුළු පිරිසකට ස්වර්ණවාහිනී ප්‍රධාන ගේට්ටුවෙන් ආයතනයට ඇතුළුවීමට අවසර දී නොමැත. ආරක්ෂක අංශයෙන් කරුණු විමසූවිට දැනුම්දී ඇත්තේ ආයතනයට ඇතුළුවීමට නොදෙන ලෙස දන්වා සේවකයන් 15 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ආරක්ෂක අංශයට ආයතන පරිපාලනය විසින් එවන ලද බවයි. කලක් තිස්සේ රටේ ජනප්‍රියම හා හොඳම වැඩසටහන් ඉදිරිපත් කරමින් සම්මානයට පාත්‍ර වූ නිවේදක නිවේදිකාවන් ද ඒ අතර සිටින බව නදීක කරුණානායක මහතා ‘ජනබලයට’ පැවසීය.

ස්වර්ණවාහිනී විධායක නිලධාරී මහේන් පෙරේරා මහතා ඇතුළු වත්මන් පරිපාලනය විසින් අත්තනෝමතික පරිපාලනයක් ආයතනය තුළ ගෙන යන බවට චෝදනා කරන ‘ස්වර්ණවාහිනී සමස්ථ සේවක වෘත්තීය සමිතිය’ පෙන්වා දෙන්නේ ඒ නිසා ම ආයතනයේ 300ක පමණ සමස්ථ සේවකයන්ගෙන් සේවකයන් 270ක් තම වෘත්තීය සුරක්ෂිතභාවය අවම මට්ටමක ඇති නිසා බවයි. මාධ්‍ය වෘත්තිකයන්ට කුමණ ගැටළු ආවද ඔවුන් ඒවා විඳ දරාගනිමින් රටේ පොදු යහපත වෙනුවෙන් කටයුතු කරන බව පෙන්වා දෙන නදීක කරුණානායක මහතා පවසන්නේ දිවයිනේ පළමු වතාවට පෞද්ගලික මාධ්‍ය ආයතනයක වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා සංවිධානගතවීමට සිදුවීම පිළිබඳවද ස්වර්ණවාහිනියට ඉතා කිට්ටු සබඳතාවක් ඇති සේවකයකු ලෙස තමා කණගාටුවට පත්වන බවයි.

එහෙත් තමා ඇතුළු සේවකන් කිසි විටෙකවත් ආධාරණ ලෙස සේවයෙන් නෙරපා හැරීමට ඉඩ නොතබන බව පවසන සභාපතිවරයා පවසන්නේ ඒ පිළිබඳ දැනටමත් කම්කරු කොමසාරිස්වරයා ඇතුළු අදාළ අංශ දැනුම්වත් කර ඇති බවයි.

කම්කරු කාර්යාලයට ගොස් සිද්ධිය පිළිබඳ පැමිණිලි කර පසුව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු තවත් වගකිවයුතු බලධාරීන් පිරිසක් ද දැනුම්වත් කිරීමට නියමිත බවද නිදීක කරුණානායක මහතා වැඩිදුරටත් පැවැසීය.

සේවයෙන් පහකළ ස්වර්ණවාහිනී සේවකයන් පිරිස 15 පහත දැක්වේ.

1.නදීක කරුණානායක (සභාපති)
2.අරුණ බණ්ඩාර වාසුන්දර (ලේකම්)
3.තිළිණි පෙරේරා
4.නුවන් සී ජයවික්‍රම
5.ඒ.ඩී.ඩයස්
6.ලලිත් කුමාර වීරතුංගාරච්චි
7.සම්පත් තිලකවික්‍රම
8.ඒ.ඩී.එන්. රෝහන විමලසිරි
9.නයන උජිත්
10. චන්දන සෙනෙවිරත්න
11.මුදිත විජේසුන්දර
12. කේ.ඩී.පී.එල්.සමරසේකර.
13.එල්සී.සිංහපුර
14.බැසිල් රෝසි
15 එස් ගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
29 ° C
29 °
29 °
80 %
1.8kmh
77 %
Tue
29 °
Wed
29 °
Thu
30 °
Fri
30 °
Sat
29 °

Must Read

SPORT