14.3 C
New York
Saturday, April 19, 2025
HomeSri Lanka Newsදැවැන්ත ක්‍රිප්ටෝකරන්සි ජාවාරමක් ගැන පොලීසියෙන් විමර්ෂන...

දැවැන්ත ක්‍රිප්ටෝකරන්සි ජාවාරමක් ගැන පොලීසියෙන් විමර්ෂන…

-

ක්‍රිප්ටොකරන්සි ආකාරයෙන් පවත්වාගෙන ගිය දැවැන්ත මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය සහ වාජිණ අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම කරුණු අනාවරණය වූ බවය.

“ස්පොට් චේන් කියලා පිරමීඩ් ආකාරයේ මූල්‍ය වංචාවක් ගැන පැමිණිලි ලැබුණා. මේ ව්‍යාපාරය ගැන කළ විමර්ශනයේදී කීර්ති බණ්ඩාර නමැති සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තා. ඔහු දැනට ඇප මත සිටිනවා.” 

“ඔහු සමග සම්බන්ධවෙලා චීන ජාතිකයෙක් කටයුතු කරලා තිබුණා. ෂැංකායි කියලා පුද්ගලයෙක්. ඔහුගේ පෙම්වතිය ලෙස වැන් කියලා කාන්තාවක්.” 

“මේ තිදෙනා එකතුවෙලා මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගිහින් තිබෙනවා.” 

“මෙම චීන ජාතිකයින් දෙදෙනා රටින් පිටවයෑමට සූදානම් වූ අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපොළේදී සැප්තැම්බර් 12 වනදා අත්අඩංගුවට ගත්තා.” 

“ක්‍රිප්ටොකරන්සි සඳහා විවිධ පුද්ගලයින් නැඹුරුකර ගැනීම තමයි ඔවුන් කරලා තිබෙන්නේ. 2020 මේ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ. පිරිස් මෙහි මුදල් ආයෝජනය කළාට පස්සේ ඔවුන්ට පෙන්වනවා විවිධ ප්‍රතිලාභ ලැබෙනවා කියලා.” 

“ඒ වෙනුවෙන් වෙනම පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ හරහා ක්‍රිප්ටොකරන්සි මිලදී ගැනීමක් ලෙස පෙන්නුම් කරලා මෙම ව්‍යාපාරය සිදුකරලා තිබෙනවා.” 

“නමුත් ගනුදෙනුකරුවන් එහි ප්‍රතිලාභ ගන්න යන අවස්ථාවේදී කිසිම ආකාරයකින් ඔවුන්ට ඒවා ගන්න ලැබිලා නැහැ. ඔවුන් ඉහළ සිට පහළට සම්බන්ධතාවය බිඳදමලා පහළම දෙදෙනා අතර පමණක් සම්බන්ධතාවය පෙන්වා මෙම කටයුතු කර තිබෙනවා.”

“මේ ආකාරයට 8,000ක් පමණ ලංකාවේ පුද්ගලයින් මෙම වංචාවට හසුවී තිබෙනවා. සැකකරුවන් 2020 සිට මේ දක්වා රුපියල් කෝටි 1,400 වැඩි මුදලක් වංචා කර තිබෙනවා.”

“සැකකරුවන් හඳුනාගත් ජංගම දුරකථන සඳහා කෙටි පණිවුඩ එවමින් මෙම ජාවාරමට පුද්ගලයින් සම්බන්ධ කරගෙන තිබෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
29.7 ° C
29.7 °
29.7 °
70 %
5.3kmh
59 %
Sat
31 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °

Must Read

SPORT