14.3 C
New York
Monday, April 21, 2025
HomeSri Lanka Newsතෙල් නැවේ ගින්න පාලනය කළා - ශ්‍රී ලංකා නාවික හමුදාව... ( VIDEO...

තෙල් නැවේ ගින්න පාලනය කළා – ශ්‍රී ලංකා නාවික හමුදාව… ( VIDEO )

-

තෙල් නැවේ ගින්න පාලනය කළා – ශ්‍රී ලංකා නාවික හමුදාව… ( VIDEO )

ගිනිගනිමින් තිබු “MT නිව් ඩයමන්ඩ්“ තෙල් නැවේ ගින්න පාලනය කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මේ වනවිට, එම නෞකාව ගැඹුරු දියඹට ඇදගෙන යාමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බවද නාවික හමුදාව පැවසීය.

Update: තෙල් නැව ගැන හිමිකරුවන් ගත් තීරණය

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ කලාපයේ ගිනි ගනිමින් තිබූ “MT නිව් ඩයමන්ඩ්“ තෙල් නෞකාව, එවැනි ආපදාවට ලක්වූ නෞකා බේරාගනු ලබන ජාත්‍යන්තර සමාගමකට බාර දී තිබේ.

ඒ, එම නැවෙහි ඇති බොර තෙල් සහ ඩීසල් ඉවත්කර ඉන් සමුද්‍ර පරිසරයට විය හැකි හානිය අවම කිරීම සඳහාය.

එසේම එම නෞකාවේ හිමිකාරිත්ව ඇති සමාගමේ නියෝජිතයින් පිරිසක් ලබන සඳුදා (07) දිවයිනට පැමිණීමට නියමිතය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී, නීතිඥ දර්ශනී ලහදපුර මහත්මිය මේ බව තහවුරු කළාය.

පැනමා රාජ්‍යයේ ධජය යටතේ ලියාපදිංචි කර ඇති ග්‍රීක සමාගමකට අයත් මෙම නෞකාව කුවේටයේ සිට ඉන්දියාව දක්වා යාත්‍රා කරමින් සිටිය දී ශ්‍රී ලංකාවේ සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් දුර ගැඹුරු මුහුදේදී ඊයේ (03) පෙරවරුවේ හදිසි ගිනි ගැනීමකට ලක්වුණි.

බොර තෙල් මෙට්‍රික්ටොන් 270,000ක් සහිත ඉතා විශාල ප්‍රමාණයේ නෞකා ඝනයට අයත් මෙම නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට නාවික හමුදාව කටයුතු කළේය.

නෞකාවේ බොයිලර කාමරයක හටගත් පිපිරීමකින් එක් නැවියෙකු මියගොස් ඇති බව නාවික හමුදාව තහවුරු කළේය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
32 ° C
32 °
32 °
73 %
4kmh
37 %
Mon
31 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Fri
30 °

Must Read

SPORT