ඡන්දේ දාන්න Private jet එකෙන් ආපු ජනාධිපති, රණවිරුවන්ට වටිනාකමක් නොදේවි කියලා මම හිතන්නේ නෑ – නාමල්
රණවිරුවන් සැමරිම අත්හැර දැමීමට වඩා, වත්මන් ආණ්ඩුව මේ ආකාරයෙන් හෝ එය සිදු කිරීම විශාල දෙයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක විදෙස් සංචාරවලදී එම රටවල රණවිරුන්ට උපහාර දැක්වීමට, එම ස්මාරකවලට ගොස් ගෞරව දක්වා ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
එසේම පළාත් පාලන මැතිවරණයට ඡන්දය ලබාදීම සඳහා පෞද්ගලික ගුවන් යානයකින් දිවයිනට පැමිණි ජනාධිපතිවරයා එවැනි මැතිවරණයකට එතරම් වටිනාකමක් ලබාදෙන නායකයෙක්, රණවිරුවන්ට වටිනාමක් නොදේවි යැයි තමන් නොසිතන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.