30.6 C
Colombo
Monday, May 19, 2025

චාමර සම්පත්ට ඇප

Published:

චාමර සම්පත්ට ඇප

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇප මත මුදා හැරීමට බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා අද (19) නියෝග කර තිබෙනවා.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ ඇප අයැදුම සලකා බැලීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ඇප දෙකක් මත ඔහු මුදා හැර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

2016 වර්ෂයේ දී ඌව පළාත් මහ ඇමැති වශයෙන් කටයුතු කරමින් සිටියදී පෙර පාසල් ළමුන් සඳහා පාසල් පොත් බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපොළ පනත යටතේ මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
1,320FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img