ජනතා විරෝධය හමුවේ රටින් පිටවගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ඇමරිකාවේ පදිංචියට යාම සඳහා ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයිය ලබා ගැනිම වෙනුවෙන් වූ කටයුතු ආරම්භ කර ඇති බව බව ඩේලි මිරර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
ජනපතිවරයාගේ බිරිඳවන අයෝමා රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසිභාවය යටතේ සිටින හෙයින් හිටපු ජනපතිවරයාට ග්‍රීන්කාඩ් ලොතරැයිය වෙනුවෙන් අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති බැවින් එක්සත් ජනපදයේ සිටින ඔහුගේ නීතීඥයින් මේ සඳහා වන අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටිය පසුගිය මාසයේ සිට ආරම්භ කර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරමින් එම පුවත්පත තවදුරටත් වාර්තා කරයි.