කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයන් පත් කෙරේ…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කර තිබෙනවා. එම කොමිසමේ
- සභාපති ලෙස ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන පත්කර තිබෙනවා.
ඊට අමතරව පහත සඳහන් නිලධාරීන් එම කොමිසමේ සාමාජීකයින් ලෙස
- මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල
- ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම
- ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසුරිය
- ඕරල් කෝපරේෂන් – සභාපති සහ කළමනාකාර අධ්යික්ෂ කුෂාන් කොඩිතුවක්කු
- මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂක ජෙරාඩ් ඔන්ඩච්චි
- මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂක රොහාන් ද සිල්වා
පත්කර ඇත.