ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මැතිවරණය මේ වන විට ආරම්භ වී තිබේ.
ඕස්ට්‍රේලියාවේ මීළඟ අගමැතිවරයා තීරණය කිරීම සඳහා මිලියන 18 ක ඡන්දදායකයින් පිරිසක් මෙම මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටී.
කම්කරු පක්ෂයේ අපේක්‍ෂක හිටපු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සහ කොන්සවේටිව් ලිබරල් ජාතික සන්ධානයේ අපේක්‍ෂක පීටර් ඩටන් මෙවර මැතිවරණයෙදී් අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරඟවදින ප්‍රධානතම අපේක්‍ෂකයන් දෙදෙනායි.
ජීවන වියදම පිළිබඳ ගැටලුව මෙවර ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මැතිවරණයේ තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.