14.3 C
New York
Friday, April 18, 2025
HomeSri Lanka Newsආබාධිතයින් භාවිත කරන භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති බවට කියන කතා අසත්‍යක්...

ආබාධිතයින් භාවිත කරන භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති බවට කියන කතා අසත්‍යක් – මුදල් රාජ්‍ය ඇමති…

-

ආබාධිත පුද්ගලයින් සඳහා භාවිත කරන භාණ්ඩවල මිල 400% කින් ඉහළ ගොස් ඇති බවට වන ප්‍රකාශයන අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.

නව බදු ප්‍රතිපත්තිය මත ආබාධිත පුද්ගලයින් භාවිත කරන භාණ්ඩවල මිල ඉහළ යාමක් සිදුව නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී මලේගොඩ විසින් රජයේ නව බදු පැනවීම නිසා ආබාධිත පුද්ගලයින් හා රෝගීන් භාවිත කරන රෝදපුටු, ජෙල් මෙට්ට, ජල මෙට්ට, ශ්‍රවණාධාර උපකරණ ,බ්‍රේල් ලිවීමේ උපකරණ, බ්‍රේල් යතුරු ලියන ආදී සියලු භාණ්ඩවල මිල සීයට 400 කින් ඉහළ යන බව ප්‍රකාශ කළා.

මේ අතර, ආබාධිත අයවලුන් භාවිත කරන කිසිඳු ද්‍රව්‍යයක් සඳහා රජයේ වැට් හෝ රේගු බදු අය නොකරන බවත්, එසේ වුවත් රුපියල් 200.00කට ආසන්නයේ තිබූ ඩොලරය රුපියල් 360.00 දක්වා වැඩි වීමත් සමඟ පිටරටින් ගෙන්වනු ලබන සියලු භාණ්ඩවල මිල විශාල ලෙස ඉහළ යාම මෙම භාණ්ඩවල මිලටත් බලපෑම් සිදුවිය හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම මීට මාස කිහිපයකට පෙර පැනවූ 2.5% සමාජ ආරක්ෂණ බද්ද පොදුවේ සියලුම නිෂ්පාදනවලට අදාළ වූ නමුත් එය තුළින් සියට 400ක මිල වැඩිවීමක් කිසිසේත්ම සිදුනොවන බව අමාත්‍යවරයා පවසනවා.

2.5 % සමාජ ආරක්ෂක බද්ධ ද තවත් විශේෂ භාණ්ඩ කිහිපයක් ද සමඟ මෙහි සඳහන් භාණ්ඩ සඳහා ජනවාරි මස සිට අය නොකිරීමට රජය කටයුතු කිරීමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එමෙන්ම රජයේ ප්‍රතිපත්තිමය වශයෙන් ආර්ථිකමය පියවර රාශියක් ගනු ලබන්නේ රුපියලේ අගය වැඩි කර ගෙන පොදුවේ සියලු ආනයනික භාණ්ඩවලමිල අඩු කරගැනීම සඳහා බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
26 ° C
26 °
26 °
83 %
2.6kmh
99 %
Fri
30 °
Sat
30 °
Sun
29 °
Mon
29 °
Tue
29 °

Must Read

SPORT