27.9 C
Colombo
Monday, May 19, 2025

ආනයනය කළ පළමු ලුණු තොගය බදාදා දිවයිනට – වෙළඳ ඇමති

Published:

ආනයනය කළ පළමු ලුණු තොගය බදාදා දිවයිනට – වෙළඳ ඇමති

ආනයනය කරන ලද ලුණු තොගයෙහි පළමු කොටස ලබන බදාදා දිවයිනට පැමිණෙන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

මැයි මාසයේදී ද බලාපොරොත්තු වූ ලුණු අස්වැන්න නොලැබිම හේතුවෙන් මෙලෙස ලුණු ආනයනයට සිදුව ඇති බවයි අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

කර්මාන්ත අංශය සඳහා මෙට්‍රික් ටොන් 30,000 ක ලුණු තොගයක් ආනයනය කර ඇති අතර, එම තොගය හෙට (20) දිවයිනට පැමිණෙන බවත්, එම තොගය ද ‍ප්‍රමාණවත් නොවන තත්ත්වයක් මතුව ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

ජුනි 10 වැනිදා දක්වා ලුණු ආනයනයට අවස්ථාව හිමිවන බවත්, එම කාලය තුළ ලුණු මෙට්‍රික් ටොන් 40,000 – 50,000 අතර ප්‍රමාණයක් ගෙන ඒමට අපේක්ෂා කරන බවයි වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
1,320FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img