14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsඅමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ පුද්ගල නාම ලේඛනයට ජනපති ගෝඨාභයගේ නමත් එක්වෙයි...

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ පුද්ගල නාම ලේඛනයට ජනපති ගෝඨාභයගේ නමත් එක්වෙයි…

-

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ පුද්ගල නාම ලේඛනයට ජනපති ගෝඨාභයගේ නමත් එක්වෙයි…

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් පුද්ගලයන්ගේ නාම ලේඛනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම එරට රජය විසින් ඇතුළත් කර තිබේ.

එරට බදු ගෙවීමේ වගකීමෙන් නිදහස් වන්නන්ගේ නාම ලේඛනය මෙලෙස අමෙරිකානු එක්සත් ජනපදය විසින් අද (08) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය පිළිබඳ මෙරට දැඩි කතාබහක් ඇතිවූයේ රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.

රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ පසුගිය අගෝස්තු 11 වනදායි.

ඊට පෙර මාර්තු මාසයේදීම ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නා බවට මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයට දැනුම් දී තිබේ.

මේ අතර සිවිල් සංවිධාන කිහිපයක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළේය.

එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුණු අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ඔහුගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය තහවුරු කළේය.

මේ අතර අමෙරිකානු එක්සත් ජනපද මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ආදායම් බදු ලැයිස්තුවෙන් නම් ඉවත් කරගන්නා අයගේ නාම ලේඛනය අද ප්‍රකාශයට පත් කර තිබුණි.

එහි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත්ව තිබේ.

අමෙරිකානු එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඉවත් කරගන්නා පිරිසගේ නාම ලේඛනය ලෙස එය ප්‍රකාශයට පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
31 ° C
31 °
31 °
74 %
4kmh
100 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT