14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsඅද දිනයට කිසිදු නව ආසාදිතයෙක් වාර්තා වී නෑ...

අද දිනයට කිසිදු නව ආසාදිතයෙක් වාර්තා වී නෑ…

-

අද දිනයට කිසිදු නව ආසාදිතයෙක් වාර්තා වී නෑ…

අද(08) සවස 6.30 වන විට කිසිදු නව රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

අද දිනයේ දී කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිටි තවත් රෝගීන් 8 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

අයි.ඩී.එච් රෝහලේ ප්‍රකාර ලබමින් සිටි ආසාදිතයින් 7 දෙනෙකු සහ මුල්ලේරියාව රෝහලේ සිටි එක් ආසාදිතයෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ආසාදිතයින්ගේ ගණන 240 දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් 575 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්යාබ අංශය සඳහන් කළේය.

ජා-ඇල සුදුවැල්ල ප්‍රෙද්ශයේ ආසාදිතයන් හඳුනාගැනීමේ නිරත වූ නාවික හමුදා භටයන් පිරිසකට කොවිඩ් 19 වෛරසය වැළඳීමෙන් පසුව පළමු නාවික හමුදා ආසාදිත සෙබළා හඳුනාගැනුණු ඉකුත් අප්‍රේල් 22 වැනිදා සිට අද දහවල් 12.30 දක්වා කාලය තුළ අලුතින් හදුනාගත් කොවිඩ් 19 ආසාදිතයන් ගණන 516 ක්.

ඊට ඇතුළත් නාවික හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් ගණන 426 ක් වෙයි.

එනම් වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට වෛරසය වැළඳීමෙන් පැතිර ගිය නියැදිය හැරුණු කොට ගෙවුණු දින 16 ක කාලය තුළ බාහිර නිරෝධායන කඳවුරු හා ක්ෂේත්‍ර පරීක්ෂණයන්ගෙන් හමු වී ඇත්තේ කොවිඩ් ආසාදිතයන් 90 දෙනකු පමණයි.

කොවිඩ් 19 ආසාදිතයන් 27 දෙනකු ඊයේ දිනයේ හඳුනාගත් අතර ඒ අතරින් 25 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින්.

හඳුනාගත් තවත් ආසාදිතයෙකු නාවික හමුදා සාමාජික පවුලක බිලිඳෙක්.

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට වෛරසය වැළඳීමෙන් පැතිර යන නියැදිය හැරුණු කොට ඊයේ හදුනාගත් එකම කොවිඩ් 19 ආසාදිත පුද්ගලයා ද ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්.

ඔහු ඊයේ දිනයේ ඩුබායි සිට විශේෂ ගුවන් වාරයක් මගින් මෙරටට රැගෙන ආ පුද්ගලයින් 197 දෙනා සමග පැමිණ ඇති අතර නිරෝධායන මධ්‍යස්තානයකට යොමු කිරිමට පෙර ගුවන්තොටුලේදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී උණ රෝගය වැළදී ඇතැයි හඳුනාගැනීම හේතුවෙන් ඔහු මීගමුව රෝහලට ඇතුලත් කර තිබුණි.

ඔහුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ එහිදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදීයි.

මේ අතර කොළඹ ජනතාව බහුලව ගැවසෙන ප්‍රදේශවල PCR පරීක්ෂණ දිගටම සිදුකෙරෙන අතර ඒ අනුව මරදාන වතු නිවාස පිහිටි ප්‍රෙද්ශවලින් අහඹු නියදියක් ලෙස තෝරාගත් පුද්ගලයින් අද PCR පරීක්ෂණයන්ට භාජනය කරනු ලැබීය.

එමෙන්ම ඊයේ දෙමටගොඩ මිහිදුසෙන්පුර නිවාස සංකීර්ණයේ අහඹු නියදියක් ලෙස තෝරාගත් පුද්ගලයින් PCR පරීක්ෂණයන්ට සහ රුධිර පරීක්ෂණයන්ට භාජනය කිරිමට කටයුතු කළ අතර ඔවුන් කිසිවකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වි තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
71 %
4.2kmh
52 %
Sun
30 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT