14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsඅගමැති මහින්ද ධුරයෙන් ඉල්ලා අස්වෙයි...

අගමැති මහින්ද ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

-

අගමැති මහින්ද ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

අග්‍රාමාත්‍ය මාධ්‍ය අධ්‍යක්ෂක රොහාන් වැලිවිට බීබීසීයට අග්‍රාමාත්‍යවරයාගේ ඉලා අස්වීම තහවුරු කළේ ය.

“කොවිඩ් වසංගත තත්ත්වය, යුරෝපය ආශ්‍රිතව මතුව ඇති යුදමය තත්ත්වය හා නිදහසින් පසු බිහිවූ විවිධ රජයන් විසින් ගනු ලැබූ සමහර ආර්ථික වශයෙන් දූරදර්ශී නොවන තීරණ මත මේ වනවිට රට මුහුණපා ඇති ආර්ථික අර්බුදය සහ ඒ මත පදනම් වූ දේශපාලන ව්‍යාකූලත්වය හමුවේ රටේ මහජනතාව මහත් වූ අසීරුතාවන්ට මුහුණ දෙමින් සිටියි,” අගමැතිවරයා ජනපති වෙත භාරදුන් ලිපියේ සඳහන් ය.

පවතින තත්ත්වයට වඩාත්ම යෝග්‍ය විසඳුම සර්වපාක්ෂික අන්තර්කාලීන රජයක් පිහිටුවීම බව බොහෝ පාර්ශවයන් විසින් පෙන්වා දී ඇති බව සිහිපත් කරන අගමැතිවරයා, මැයි 6 දා පැවැති විශේෂ කැබිනට් රැස්වීමේ දී ජනපති විසින් සිදුකෙරුණු ඉල්ලීම්වලට සිය පූර්ණ එකඟතාව පලකරනු වස් වහාම ක්‍රියාත්මක වන පරිදි අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දෙයි යනුවෙන් ඔහු ගේ දිනයක් සඳහන් නොවූ එම ලිපියේ සඳහන් විය.

“පොදුජන යහපත උදෙසාම කැපවූ මා ඒ වෙනුවෙන් ඉදිරියේදී මීටත් වඩා ඕනෑම පරිත්‍යාගයක් සිදුකිරීමට සුදානම් බවත්, යෝජිත කුමන හෝ ක්‍රියාමාර්ග මගින් අප රටත්, ජනතාවත් මුහුණ දෙන දුෂ්කරතා ඉක්මනින් අවසන් වනු දැකීම මාගේ එකම අභිලාශය බවත් ඉතා නිහතමානීව ප්‍රකාශ කරනු රිසියෙමි. එසේම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා කළ සියලු පාර්ශව ඉදිරියේ දී රටට මුහුණදීමට සිදුවන සියලු අභියෝග භාර ගැනීමට ද එලෙසින්ම ඉදිරිපත් වනු ඇතැ යි ද දැඩි ලෙස බලාපොරොත්තු වන බැව් වැඩිදුරටත් සඳහන් කරමි,” ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් වෙයි.

අද උදෑසන අගමැතිවරයාගේ ආධාරකරුවන් අරලියගහ මන්දිරයට රැස්වූ අවස්ථාවේ, තම පොදුජන යහපත වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්නට සූදානම් බව ඔහු ප්‍රකාශ කළේ ය. එහෙත් එහිදී ඔහු රැස්ව සිටි ජාතවගෙන් විමසා සිටියේ තමා අස්විය යුතුද යන්නයි.

“ඔබ දන්නවා, මේ මහපොළොවේ දේශපාලනය කළ මට ඔබේ ජය සතුට වගේම දුක් වේදනාවත් හොඳින් දැනෙනවයි කියන එක මා ඔබට අමුතුවෙන් කියන්න ඕන්නෑ. පෙළපාලි, උද්ඝෝෂණ, හර්තාල් අපට එදත් අදත් නුහුරු දේවල් නෙවෙයි. හැබැයි හැබැයි රටක් ආර්ථික අර්බුදයකට මුහුණ දෙන අවස්ථාවේ අපට වැදගත් වන්නේ ජනතාවගේ අභිවෘද්ධිය මිසක් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වීම නොවෙයි කියන එක ඔබ මතක තියාගන්න,” ඔහු පවසා සිටියේ ය.

තමාගේ ප්‍රතිපත්තිය අභියෝගවලට මුහුණදී ඒවා ජයග්‍රහණය කිරීමට උත්සාහ දැරීම මිස, අභියෝග හමුවේ පලායාමේ සිරිතක් තමාට නැතිබව ද ඔහු සඳහන් කළේ ය.

මෙම කතාව පැවැත්වීමෙන් සුළු මොහොතකට පසු, අරලියගහ මන්දිරයේ රැස්ව සිටි අගමැති රාජපක්ෂගේ ආධාරකරුවෝ රැසක් ඒ ඉදිරිපිට තිබූ මයිනාගෝගමේත්, ගාලුමුවදොර පිහිටි ගෝටාගෝගමේත් රැස්ව සිටි සාමකාමී අරගලකරුවන්ට පහර දී, අදාළ ස්ථානයන්හි පිහිටුවා තිබූ කූඩාරම් ආදිය ගිනි තබා විනාශ කළහ.

ඒ සමගම රටතුළ ඇතිවූ කලහාකාරී තත්ත්වය පාලනය කිරීමට රට පුරා පොලිස් ඇදිරි නීතිය පැනවූ අතර ඉන් ටික වෙලාවකට පසු අගමැතිවරයා තම අස්වීමේ ලිපිය ජනපති වරයට යැවු බවට එම ප්‍රකාශකයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
clear sky
30 ° C
30 °
30 °
75 %
3.9kmh
6 %
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
30 °

Must Read

SPORT