28 C
Colombo
Thursday, May 22, 2025

හැව්ලොක් නිවාස සංකිර්ණයේ තිබූ T56 ගිණිඅවිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට

Published:

හැව්ලොක් නිවාස සංකිර්ණයේ දී පොලිස් භාරයට ගත් ටී 56 ගිණිඅවිය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (20) දහවල් කාලයේ දී හැව්ලොක් නිවාස සංකීර්ණයේ දී ටී 56 වර්ගයේ ගිණිඅවියක් පොලිස් භාරයට ගැනුණි.

එය සිය සන්තකයේ තබාගෙන සිටි සැකකාරිය හා තවත් කාන්තාවකුයි වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

සැකකාරියන් අවුරුදු 40 සහ 68 යන වයස්වල පසුවන බත්තරමුල්ල හා කොළඹ 6 ප්‍රදේශවල පදිංචිකාරියන්.

ඔවුන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද (21) ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
1,345FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img