14.3 C
New York
Sunday, April 20, 2025
HomeHEALTH & FITNESSශ්‍රී ලංකාවෙන් කොරෝනාවෛරස් ආසාදිතයෙක් හමුවෙයි...

ශ්‍රී ලංකාවෙන් කොරෝනාවෛරස් ආසාදිතයෙක් හමුවෙයි…

-

ශ්‍රී ලංකාවෙන් කොරෝනාවෛරස් ආසාදිතයෙක් හමුවෙයි…

කොරෝනාවෛරස් ආසාදනය වූ චීන ජාතික කාන්තාවක් හමු වූ බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර බීබීසී සිංහල සේවයට පැවසීය.

එම කාන්තාව පසුගිය සෙනසුරාදා (ජනවාරි 25) අයිඩීඑච් රෝහලට ඇතුළත් වී තිබෙන බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේදී හමු වූ පළමු කොරෝනා රෝගියා ඇය වේ.

බොහෝ මාධ්‍ය වාර්තාවල දැක්වෙන පරිදි, 43 හැවිරිදි එම කාන්තාව චීනයේ හුබෙයි (Hubei) ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි තැනැත්තියකි.

අංගොඩ මූලික රෝහලෙහි රෝගීන් නිරෝධායනයට කටයුතු සියල්ල සූදානම් කොට ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කළේය.

කොරෝනාවෛරස් වැළඳී ඇතැයි සැකපිට චීන ජාතික කාන්තාවන් දෙදෙනකු ඇතුළු රෝගීන් සිව් දෙනෙකු කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කොට තිබුණි. අනෙක් දෙදෙනා ශ්‍රී ලාංකික පුරුෂයෙකු සහ කාන්තාවකි.

මීට ඉහතදී වාර්තා වූයේ ඔවුන් සම්බන්ධ කළ මූලික පරීක්ෂණවල දී ඔවුන්ට රෝගය වැළඳී ඇතැයි අනාවරණය නොවූ බවය.

විශේෂඥ වෛද්‍ය උපදෙස්

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇති අයෙක් පොදු ස්ථානවලට හෝ ජනාකීර්ණ ස්ථානවලට යන්නේ නම්, මුඛ ආවරණයක් පැළදීම වඩාත් සුදුසු බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීරගේ උපදෙසය.

මූලික රෝහල, අංගොඩ

රජයේ නිල පුවත් අඩවිය සමඟ අදහස් දක්වමින් ඒ බව පවසන විශේෂඥ වෛද්‍යවරයා, සාමාන්‍යයෙන් ස්වසන රෝග වළක්වා ගැනීම සඳහා ගත හැකි හොඳම ක්‍රියා මාර්ගය වන්නේ පොදු ස්ථානවල අනවශ්‍ය ලෙස ගැවසීමෙන් වැළකීම බව ද පෙන්වා දෙයි.

සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන රෝගීන් සමාජයේ ගැවසීමෙන් වැළකී සිටීම, නිතරම දෑස් සබන් යොදා සේදීම, ජීවානුහරණය කරන ලද ආලේපනයන් භාවිතය මෙන් ම කැස්ස, කිවිසුම් යන විට නාසය වසා ගැනීම සහ පිරිසිදු අත්පිස්නා, ලේන්සු වැනි දේ භාවිතා කළ යුතු බවත් විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර පවසයි.

පළමු සිසුන් පිරිස ගුවන් ගත වේ

මේ අතර නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, චීනයේ අධ්‍යාපනය හදාරමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැන් යළි සිය රට බලා පැමිණෙමින් සිටින බවය.

සඳුදා සවස් යාමයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 21 දෙනෙකු ශ්‍රී ලංකාව බලා පැමිණීම පිණිස ගුවන්ගත වී තිබෙන අතර, චීනයේ සිචුආන් (Sichuan) සහ අනෙක් පළාත්වල සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් බස් රථවලින් ගුවන් තොටුපොල බලා රැගෙන එමින් තිබෙන බව ද නිවේදනයේ දැක්වේ.

වූහාන් (Wuhan) ප්‍රාන්තයේ සිටින 30 කට ආසන්න සිසුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීහු චීන බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටියි.

චීනයේ සිට ශ්‍රී ලංකාවට ලඟා වූ පුද්ගලයන් නිරන්තර සෞඛ්‍ය පරීක්ෂාවකට ලක්විය යුතු අතර, සිය ශරීරයේ උෂ්ණත්වය ගැන විමසිල්ලෙන් සිටින මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. අඩුම තරමින් දින 20ක්වත් මුහුණු ආවරණ පළඳින මෙන් ද ඔවුන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

මේ අතර, චීනයේ සිට පැමිණෙන මගීන් පරීක්ෂාවට ලක් කිරීම පහසුවනු පිණිස කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ වෙනම පර්යන්තයක් සකස් කොට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
76 %
3.1kmh
79 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT