17.3 C
New York
Sunday, May 4, 2025

ශතක 5 ක් සමඟ ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකා A කණ්ඩායමට දැවැන්ත ජයක්

Published:

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම අතර පැවැත්වුණු සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 308ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම ඊයේ (02) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සමත් විය.

පසුගිය අප්‍රේල් 29 වැනි දා අබුඩාබි හිදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 406ක් රැස් කළ අතර ළහිරු උදාර ලකුණු 107ක් වාර්තා කළේය. පන්දු 148 ක් තුළ වාර්තා වූ මෙම ඉනිම හතරේ පහර 14 කින් වර්ණවත් විය.

සොනාල් දිනූශ ද ශතකයක් කරා යමින් පන්දු 121ක් තුළ නොදැවුණු ලකුණු 104ක් ලබා ගත්තේ හතරේ පහර 10ක් සහ හයේ පහර 03ක් ද සමඟයි.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් Bashir Ahmad කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය.

තරගයේ දෙවැනි දිනය තුළ ආරම්භ කළ ඇෆ්ගනිස්ථාන පළමු ඉනිම, එදින ම නිමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි විය.

පන්දුවාර 46 පන්දු 5ක් තුළ ඇෆ්ගන් ඉනිම ලකුණු 168කට සීමා වූ අතර, මෙහි දී ඇෆ්ගනිස්ථාන වෙනුවෙන් Afsar Zazai ලකුණු 54ක් ලබා ගැනීමට සමත් විය. ඉසිත විජේසුන්දර ලකුණු 35කට කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් වූ අතර, තරිඳු රත්නායක කඩුලු 3ක් දවාගත්තේය.

තරගයේ දෙවැනි දිනය තුළ ම ශ්‍රී ලංකා පිතිකරුවන් සිය දෙවැනි ඉනිම ද ආරම්භ කළේය. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 04ක් දැවී ලකුණු 376ක් රැස් කරගෙන සිටියදී සිය දෙවන ඉනිම අත්හිටවනු ලැබීය.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක ත්‍රිත්වයක් වාර්තා වීම විශේෂත්වයකි. නුවනිඳු ප්‍රනාන්දු පන්දු 123කින් ලකුණු 102ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟයි. පසිඳු සූරියබණ්ඩාර පන්දු 133කින් නොදැවී ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිමට හතරේ පහර 08ක් ඇතුළත්. පවන් රත්නායක ද පන්දු 106ක් තුළ නොදැවී ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහු විසින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ඉනිමට එක් කරන ලදී.

මේ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 615ක දැවැන්ත ඉලක්කයක් හිමි විය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ඇෆ්ගනිස්ථාන ඒ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවුණේ ලකුණු 306ක් පමණයි.

ඇෆ්ගන් දෙවැනි ඉනිම වෙනුවෙන් නායක Darwish Rasooli ලකුණු 121ක් ලබා ගැනීමට සමත් වූ අතර, Afsar Zazai විසින් ලකුණු 84ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවතත් පන්දුවෙන් සාර්ථක වූ ඉසිත විජේසුන්දර කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර, ඩිල්ශාන් මදුශංක, වනුජ සහන් සහ තරිඳු රත්නායක කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුහ.

මේ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායමට තරගයෙන් ලකුණු 308ක ජයක් හිමි විය.

තරගයේ වීරයා ඉසිත විජේසුන්දරයි.

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
1,033FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img