14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsවසර 15ක් සපිරුණු ඛේදවාචකය සිහිකරමින් රට පුරා පිංකම්...

වසර 15ක් සපිරුණු ඛේදවාචකය සිහිකරමින් රට පුරා පිංකම්…

-

වසර 15ක් සපිරුණු ඛේදවාචකය සිහිකරමින් රට පුරා පිංකම්…

මෑත ඉතිහාසයේ වඩාත් භයානකම ස්වභාවික ව්‍යසනය ලෙස සැලකෙන සුනාමි ඛේදවාචකයට අදට වසර 15ක් ගතවෙයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 12කට බලපෑ සුනාමිය, බිලිගත් ජීවිත ගණන ලක්ෂ තුනකට ආසන්නයි.

මේ ස්වභාවික විපත සිහිපත් කරමින් අද දිවයින පුරා විශේෂ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබුණි.

2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා…

එනම් නත්තල් දිනට පසුදින, ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්න මුහුදු  පතුලේ ඇතිවූ භූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 9 ඉක්මවනු ලැබුවේය.

එම භූ කම්පනයත් සමග ඉහළට එසවුණු ජල කඳ ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල් 12කට කඩාවැදීමට වැඩි වේලාවක් ගත වූයේ නැහැ.

සුනාමි රළ පහරින් වෙරළ බඩ පෙදෙස් විනාශ වෙද්දී මිනිසුන් එකිනෙකා ජල පහරට හසුව තැන තැන වැටී මියගියේය.

සුනාමි අපකේන්ද්‍රෙයන් සැතපුම් 1200ක් දුරින් පිහිටි ශ්‍රී ලංකාවට සුනාමි රළ කඩාවැදුණේ පැයට කිලෝමීටර් 800ක පමණ වේගයකින්.

පෙරවරු 9.25ට පමණ උතුර නැගෙනහිර ප්‍රදේශවලට කඩාවැදුණු සුනාමි ජලපහර මිනිත්තු කිහිපයකින් දකුණු වෙරළ ආක්‍රමණය කළේය.

සුනාමි යන වචනය අප වාග් කෝෂයට ඇතුළු වූයේ තිස් පන්දහසකට අධික පිරිසකට දිවි අහිමි කරමින්.

මිනිසා බුද්ධියෙන් කෙතරම් උසස් වුවද ඉන් නිම වූ දේ කෙතරම් ප්‍රබල වුවද ඒ සියල්ල පොළොවට සමතලා කරන්නට තරම් සුනාමිය දරුණු වුණි.

මින් වසර 15කට පෙර සිදුවූ එම ඛේදවාචකයෙන් දිවි අහිමිවූවන් සහ අතුරුදන් වූවන් සිහිපත් කරමින් අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි 02ක කාලයක් නිහඬතාවක් රකිනු ලැබුවේය.

ලොව දරුණුතම දුම්රිය අනතුර වාර්තා වූයේද 2004 සිදුවූ සුනාමි ව්‍යසනයේදීයි.

ටොන් ගණනක් බර දුම්රිය ජලපහරට හසුව පෙරළී ගියේ මගීන් 1270කට මරු කැඳවමින්.

එහිදී පැරෑලිය ගම්වාසීන් 249 දෙනෙකු ද සුනාමි රළ පහරට බිලිවුණි.

එදා අනතුරට ලක්වූ එම්. 2 මැනිටෝබා දුම්රිය එන්ජිම අද දිනයේදී සුපුරුදු ලෙසම කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළේය.

එම දුම්රියෙන් පැමිණි මගීන් වසර 15කට පෙර වෙන්ව ගිය සිය සමීපතයින් සිහිපත් කළේ, සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර දක්වමින්.

මෙවැනි තවත් වැඩසටහන් රැසක් අද දිවයිනේ විවිධ ස්ථානවලදී පැවැත්වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
27 ° C
27 °
27 °
83 %
3.5kmh
65 %
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
30 °

Must Read

SPORT